කාන්තාවන්ට ප්‍රසිද්ධ ස්ථාන වල දිය නෑම තහනම්...ලෝකයේම අවධානය යොමු වූ අලුත් නීතිය..

Public places World News Afgansthan Bathing woman
By Aruna Jan 04, 2022 05:00 AM GMT
Aruna

Aruna

Report

ඇතැම් පළාත්වල කාන්තාවන්ට නාන තොටුපළ ඇතුළු පොදු ප්‍රසිද්ධ ස්ථානවල දියනෑම ඇෆ්ගනිස්තානයේ, තලේබාන් සංවිධානය විසින්  තහනම් කර තිබෙනවා.

කම්මා පුවත් සේවය වාර්තා කළේ උස්බෙකිස්තානයට යාබද උතුරැ බල්ක් ප්‍රාන්තයේ ආගමික ප්‍රධානීන් ඇතුළු බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බවයි. ‍

ඒ අනුව කාන්තාවන්ට දිය නෑ හැක්කේ පෞද්ගලික ස්ථානවලින් පමණක් වන අතර පිරිමින්ට පමණක් පොදු ස්ථානවලින් දිය නෑමට අවසරය හිමිව තිබෙනවා.

සිය නිවසේ පෞද්ගලිකව දිය නෑමට පහසුකම් නොමැති කාන්තාවන්ට වෙනත් පෞද්ගලික ස්ථානයකට ගොස් දිය නෑ හැකි අතර එහිදී ද හිජාබයෙන් සැරසී සිටීම අනිවාර්ය කර ඇති බව සදහන්.

මීට අමතරව බාලවයස්කාර පිරිමි දරැවන්ට ද පොදු ස්ථානවල දිය නෑම තහනම් කර ඇති අතර පොදු ස්ථානවල දිය නෑමේදී පිරිමින් අතර සිරුරු සම්භාහනය කිරීම ද තහනම් කර තිබෙනවා.

මීට පෙර ඇෆ්ගනිස්තානයේ බටහිර හේරාට් ප්‍රාන්තයේ බලධාරීන් ද කාන්තාවන් පොදු ස්ථානවලින් දිය නෑම තහනම් කරනු ලැබ තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now