රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවල හොර වැඩ වලට රජයෙන් වැට බඳියි.මෙන්න කරන්න යන දේ.

Sri Lanka Government Of Sri Lanka Education
By Wayomi Mar 11, 2023 07:00 AM GMT
Wayomi

Wayomi

Report

 රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය සඳහා වෙනම කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව මේ වන විට ඊට අදාල පනත් කෙටුම්පතත් සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් විශ්විද්‍යාල සමඟ අනුබද්ධව මෙරට පවත්වාගෙන යන පෞද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන් නවදහසක් පමණ අධ්‍යයන කටයුතු කරන නමුත් එම විශ්වවිද්‍යාල, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී නැහැ.

එම ඇතැම් විශ්වවිද්‍යාල සමඟ පැවැති ගිවිසුම්වලින් විදෙස් විශ්වවිද්‍යාල ඉවත් වී ඇති නමුත් ඒ බව ප්‍රසිද්ධ නොකර පවත්වාගෙන යන විශ්වවිද්‍යාල ද පවතින බවට ද අනාවරණය වී තිබෙනවා.

මේ අතර විදෙස් විශ්වවිද්‍යාල සමඟ ගිවිසුම්ගතව ඇති බව ප්‍රසිද්ධ කර තිබෙන ඇතැම් පෞද්ගලික විශ්වවිද්‍යාලවල එවැනි ගිවිසුම් හෝ නොමැති බවට ද හෙළි වී ඇති බව සඳහන්.

එමෙන්ම එම විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා අය කරන ගාස්තු සම්බන්ධයෙන් නියාමනයක් ඇති කිරීම ද මෙම කොමිෂන් සභාව පිහිටුවීමේ අරමුණක් වී ඇති අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද මෙම කොමිෂන් සභාව යටතට පත් කිරීමට නියමිතයි.

මේ අතරම උසස් පෙළ විභාගයෙන් සමත් වන එහෙත් රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි වන සිසුන්ට උසස් ​අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන්ද මේ දිනවල සාකච්ඡා කරමින් පවතිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්