ජනාධිපති කාර්යාලය අසළ උණුසුම්කාරී තත්ත්වයක්

By Sewvandhi Aug 17, 2023 11:35 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය,විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය, විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තිකයින්ගෙන් වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් සාකච්ඡාවක් ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඇතුල්වීමට උත්සාහ කිරීම නිසා උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

ඔවුන් ජනාධිපති කාර්යාලය අසලට යාමට පෙර පොලිසිය හා හමුදාව විසින් පිරිස නැවතූ අතර පසුව අතිරේක ලේකම්වරයෙකු පැමිණ සාකච්ඡා කර ඇත.

සාකච්ඡාවක් සඳහා වෙන දිනයක් ලබා දෙන බව පැවසුවද, ඔවුන් එය ප්‍රතික්ෂේප කර අද දිනයේම එය ඉල්ලා තිබෙනවා. විසිර යාමට පෙර ඔවුන මාධ්‍ය වෙතද අදහස් දක්වා තිබුණා . 

ReeCha