රාජ්‍ය ,පෞද්ගලික,ගොවි,කම්කරු,ගුරුවරුන් ඇතුළු සියල්ලන් එක්ව තවත් දිනයක වැඩවර්ජනයක්..! දිනය මෙන්න..
පවතින අර්බුද හමුවේ ගුරුවරු සහ සිසුන් මුහුණ දෙන පීඩාකාරි තත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා හමුවීමට කටයුතු කර තිබුණා.
ලබන 28 වනදා ද වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් කැඳවා ඇති බවයි ඉන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කියා සිටියේ.
ඒ අනුව මෙම සතියේදී රජයේ නිසි ප්‍රතිචාරයක් නොවුණහොත් එළැඹෙන 28 වනදා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශය, ගොවි, කම්කරු යන සියලු අංශයන් එක්ව වැඩවර්ජනයක් පවත්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |