රට පුරා ගෑස් හිඟයක් - ගෑස් පිළිබඳව සමාගමෙන් විශේෂ දැනුම්දීමක්

Report

දිවයින පුරා නැවත වරක් ගෘහස්ථ ගෑස් හිඟයක් නිර්මාණය වීම හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි අසීරුතාවකට පත්ව ඇත, වාර්තා වන ආකාරයට වෙළෙඳපොළේ ප්‍රමාණවත් පරිදි ගෑස් සිලින්ඩර නොමැතිවීම හේතුවෙන් ප්‍රදේශ රැසක පාරිභෝගිකයන්ට දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇත.

පිට පළාත්වල පාරිභෝගිකයන් පෙන්වා දෙන්නේ මාසයකට ආසන්න කාලයක සිට වෙළෙඳපොළෙන් ලාෆ්ස් ගෑස් සම්පූර්ණයෙන්ම පාහේ අතුරුදන්ව ඇති බවයි. විශේෂයෙන් කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ බොහෝ ප්‍රදේශවලට සති තුනක පමණ කාලයක සිට 'ලාෆ්ස්' ගෑස් සැපයුම ඇණහිට ඇති අතර, 'ලිට්රෝ' ගෑස් සැපයුමද සතියක පමණ කාලයක සිට අඩාලව පවතී.

ලංකාව ගැන නරක ආරංචියක් - ශ්‍රී ලංකා මහ බැංකු අධිපති කියයි

ලංකාව ගැන නරක ආරංචියක් - ශ්‍රී ලංකා මහ බැංකු අධිපති කියයි

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන ලාෆ්ස් ගෑස් අලෙවි නියෝජිතයන් පවසන්නේ, පසුගිය සති තුනක කාලය තුළ තම වෙළෙඳසැල් වෙත ප්‍රමාණවත් තොග නොලැබුණු බවත්, ඒ පිළිබඳව සමාගමෙන් විමසීමේදී මෙතෙක් පැහැදිලි පිළිතුරක් ලැබී නොමැත. පසුගිය දින දෙකක පමණ කාලය තුළ සිය සමාගමේ ගෑස් සැපයුමේ යම් හිඟයක් පැවති බව වෙළෙඳපොළේ මතුව ඇති මෙම ගෑස් හිඟය පිළිබඳව ලිට්රෝ සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පවසා ඇත.

නමුත් ඔහු පවසන්නේ මේ වන විට සමාගමට අවශ්‍ය නව ගෑස් තොග ලැබී ඇති බැවින් අද (15) දිනය වන විට එම හිඟය සම්පූර්ණයෙන්ම මඟහැරී ගොස් වෙළෙඳපොළ සැපයුම යථා තත්ත්වයට පත්වනු ඇති බවයි. මේ අතර, ලාෆ්ස් ගෑස් සමාගමේ උසස් නිලධාරියකු ප්‍රකාශ කර ඇත්තේ, පවතින ගෑස් තොග සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් මතු වූ බවයි.

ගුරු විභාගය සමතුන්ට නිල කැඳවීම් ලිපි මෙන්න - ලබන 20ට පෙර මෙම ලේඛන අයදුම් කරන්න

ගුරු විභාගය සමතුන්ට නිල කැඳවීම් ලිපි මෙන්න - ලබන 20ට පෙර මෙම ලේඛන අයදුම් කරන්න

කෙසේ වෙතත්, ඉදිරි දින කිහිපය ඇතුළත නව ගෑස් තොග මෙරටට ලැබීමට නියමිතව ඇති බැවින් කඩිනමින් සැපයුම් ජාලය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය කාලසීමාවේ පැවති ආර්ථික අර්බුදයත් සමඟ රට තුළ දැඩි ගෑස් පෝලිම් යුගයක් නිර්මාණය වී තිබූ අතර, යළිත් එවැනි අර්බුදයක් මතුවේදැයි පාරිභෝගික ජනතාව තුළ දැඩි නොසන්සුන්තාවයක් සහ බියක් මතුව තිබේ.