ප්‍රදේශ රැසකට අනතුරු ඇගවීමක් - මේ පළාත් වලට විශේෂයි

Report

දිස්ත්‍රික්ක 10ක ප්‍රදේශ රැසකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් - ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයෙන් නිවේදනයක් පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ රැසක් සඳහා නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

මෙම අනතුරු ඇඟවීම අද (15) පස්වරු 4:00 සිට හෙට (16) පස්වරු 4:00 දක්වා ඉදිරි පැය 24ක කාලය සඳහා බලපැවැත්වේ. ඒ අනුව

දෙවන මට්ටමේ (අම්බර් - අවධානයෙන් සිටින්න) අනතුරු ඇඟවීම්

කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, බුලත්කොහුපිටිය, මාවනැල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, මතුවර, නිල්දණ්ඩහින්න, හඟුරන්කෙත සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත යන ප්‍රදේශ සඳහා නිකුත් කර ඇත.

මීට අමතරව පළමු මට්ටමේ (කහ - විමසිලිමත් වන්න) අනතුරු ඇඟවීම්

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, කටුනායක, කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ, බුලත්සිංහල, පානදුර, වලල්ලාවිට, මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ, පන්විල, උඩුනුවර, දෙල්තොට, හතරලියැද්ද, යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, රඹුක්කන, වරකාපොළ, යටියන්තොට, කෑගල්ල, රුවන්වැල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම, මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ, අඹගමුව කෝරළය, උකුවෙල, මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය, මුලටියන, පාස්ගොඩ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, කුරුවිට, කොලොන්න, අයගම, ඉඹුල්පේ, ඇහැළියගොඩ, රත්නපුර, බලංගොඩ, කළගුණ, වැලිගෙපොළ යන ප්‍රදේශ සඳහා බලපැවැත්වේ.

අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාව නායයෑම්, පස්කඳු කඩා වැටීම් සහ ගල් පෙරළීම් පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින ලෙසත්, අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වීමට සූදානමින් සිටින ලෙසත් බලධාරීන් දැනුම් දෙයි.

යෝෂිත රාජපක්ෂගේ නඩුවට කොළඹ මහාධිකරණයෙන් හදිසි තීන්දුවක්- සාක්ෂි විභාගය වෙනස් වූ දිනය මෙන්න

යෝෂිත රාජපක්ෂගේ නඩුවට කොළඹ මහාධිකරණයෙන් හදිසි තීන්දුවක්- සාක්ෂි විභාගය වෙනස් වූ දිනය මෙන්න

පාසලක වහලක් කඩා වැටී පාසල් සිසුන් 17ක් හා ගුරුවරයෙක් මරුට - පාකිස්තානයම කඳුළු ගඟක් වෙයි

පාසලක වහලක් කඩා වැටී පාසල් සිසුන් 17ක් හා ගුරුවරයෙක් මරුට - පාකිස්තානයම කඳුළු ගඟක් වෙයි