ගාලුමුවදොරපිටිය තරුණ අරගලයේ සහයට එක්වුණ අලුත්ම පිරිස - විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන්න අලුත්ම වැඩපිළිවෙළක් හදලා..

colombo letter Sri lanka sinhala news galleface protest gotagohome Gohomegota Slprotest
By krishani Apr 17, 2022 05:58 AM GMT
krishani

krishani

Report

ගාලුමුවදොර සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙතට යි.

ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාවයේ යෙදී සිටින පුරවැසියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් බරපතල තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් උද්ඝෝෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම ඔවුන්ගේ මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් ද අවශ්‍ය සහන ලබා දීමට රජයට සහ රජයේ ආයතනවලට නිර්දේශ කරන ලෙසත් ඉල්ලමිනු යි මෙම ලිපිඅය යොමු කර තිබෙන්නේ.

එම ලිපියේ සඳහන් කරුණු පහතින්,

1) ගණේමුල්ලේ හමුදා කඳවුරකදී හමුදාවේ පිරිසක් උද්ඝෝෂණය කරන බව කියැවෙන වීඩියෝවන් සමාජ මාධ්‍යවල සංසරණය විය. එම වීඩියෝපටය සංසරණය වූයේ හමුදාවේ හෝ වෙනත් අංශයක පිරිසක් උද්ඝෝෂකයන් ලෙස ගාලු මුවදොරට යොදවා ඔවුන් ලවා ගැටුමක් ඇති කර ඒ ඔස්සේ උද්ඝෝෂණය විසිරුවාහැරීමට ආරක්ෂක අංශ මැදිහත්වීමක් සිදු කිරීමේ සැලසුමක් ගැන ප්‍රචාර පැතිර යද්දීය.

2) අප්‍රේල් 24 වැනිදාට පෙර උද්ඝෝෂකයන් පලවා හැරීමට ආණ්ඩුව යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරමින් සිටින බවටද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන්නට විය.

3) මීට පෙර රතුපස්වල සහ මිරිහානේ අත්දැකීම් සමඟ මේ ප්‍රචාර අසත්‍යයැයි බැහැර කරීමට නොහැකිය. මේ ආකාරයට උද්ඝෝෂණ කඩාකප්පල් කළ ඉතිහාසයක් වර්තමාන ජනාධිපතිවරයාට තිබෙන බැවින් මෙම ප්‍රචාරය ඉතාම සැලකිල්ලෙන් අවධානයට ලක් කළ යුතුය.

4) 'ගෝඨාගෝගම' පිහිටා ඇත්තේ ආණ්ඩුව විසින් උද්ඝෝෂණ පැවැත්වීම සඳහා වෙන් කළ භූමි ප්‍රදේශයේය. මෙම ප්‍රදේශයට දිනකට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් විරෝධතා සඳහා පැමිණෙති. මෙම පිරිස සඳහා ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් සැපයීම රජයේ වගකීමකි. එම ස්ථානයේ තාවකාලික වැසිකිලි පද්ධතියක් ඉදි කර ඇත්තේද උද්ඝෝෂණයට සහාය දක්වන පිරිසකගේ මූල්‍ය පරිත්‍යාගයෙනි. සාමකාමීව විරෝධතා පැවැත්වීම මූලික අයිතියක් බැවින් විරෝධතාකරුවන්ට අවශ්‍ය වැසිකිලි පහසුකම් සහ ජල පහසුකම් සැපයීම රජයේ යුතුකමක් සහ වගකීමකි.

5) එමෙන්ම උද්ඝෝෂණ ස්ථානයේ දුරකතන සබඳතා සීමා වී ඇති අතර හදිසියකට දුරකතන ඇමතුමක් හෝ ගැනීමට අසීරු තත්ත්වයක් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join