සරසවි සිසුන්ගේ විරෝධතා පාගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර - ඒ අවට මාර්ග තදබදයක්.. (VIDEOS)

Colombo SL Protest
By krishani Mar 08, 2023 09:07 AM GMT
krishani

krishani

Report

අද (08) දහවල් කොළඹ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් ආරම්භ කළ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ ය.

විරෝධතාකරුවන් තුම්මුල්ල මංසන්ධියේ සිට පාගමනින් පැමිණෙමින් සිටිය දී කොළඹ ජාතික කෞතුකාගාරය ආසන්නයේ දී ඔවුන් විසුරුවා හැරීම පොලිසිය කටයුතු කළේ ය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (07) දින දියත් කළ විරෝධතා පාගමනට කොළඹ විශ්වවිද්‍යාලය ආසන්නයේ දී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයන් එල්ල කිරීමට විරෝධය පළ කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය එම විරෝධතා පාගමනක සංවිධානය කර තිබුණේ ය.

මෙම විරෝධතා පාගමන හේතුවෙන් තර්ස්ටන් විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේ රථ වාහන තදබදයක් ද හටගණු ලැබිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.