"මට පොලුවලින් හොදටම ගැහුවා පපුව රිදෙනවා.." ඇප මත මුදාහැරි එක්දරු පියා මැරුණැයි පොලිසියට විරෝධයක්..

Report

වාද්දූව පොලිසිය විසින් සිදු කරන ලද පහරදීමකින් එක් දරු පියෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවට චෝදනා කරමින් ඊයේ (11) රාත්‍රියේ එම ප්‍රදේශයේ තැනින් තැන ජනතාව වීදි බැස උද්ඝෝෂණයක්  සිදු කර ඇත.

එහිදී  වාද්දුව පොලිසිය පහරදී එක්දරු පියකු ඝාතනය කර ඇතැයි කියමින් 40කට ආසන්න පිරිසක් විරෝධය පලකරමින් පොලිසිය ඉදිරිපිට සහ පොලිසිය අවට තැන රැස්ව සිටි අතර  ඝාතනයට ලක්වූ එක්දරු පියාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සාධාරණයක් කරන ලෙස ඉල්ලා ඔවුන් කෑ කො ගසමින් විරෝධතාව පල කළහ.

ජනපති අනුර අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි...

ජනපති අනුර අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි...

වාද්දුව පොලිසියේ ප්‍රධාන දොරටුව මාර්ග බාධක බැරියර් යොදා මුළුමනින්ම අවහිර කර 20 කට ආසන්න නිළධාරීන් පිරිසක් ප්‍රධාන මාර්ගය අවහිර ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබු අතරම  බණ්ඩාරගම , පින්වත්ත,මොරොන්තුඩුව හිරණ ඇතුළු අවට පොලිස් ස්ථාන වෙතින්ද පොලිස් නිළධාරි විශාල පිරිසක් කැදවා ඇති අයුරු දැකගත හැකිවිය.

රිය අනතුරක් සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය අත්අඩංගුවට ගත් එක්දරු පියෙකු පොලිස් ඇපමත මුදාහැරීමෙන් පසු නිවසට ගොස් සිටියදී ලේ වමනය දැමීමෙන් අනතුරුව මියගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. සමිත දිල්ෂාන් නමැති 24 හැවිරිදි එක්දරු පියකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පානදුර රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ.

හමාස් සංවිධානයේ තීරණ නිසා යළි යුදගිනි ඇරඹෙන ලකුණු...

හමාස් සංවිධානයේ තීරණ නිසා යළි යුදගිනි ඇරඹෙන ලකුණු...

මියගොස් ඇති තැනැත්තා රිය අනතුරකට භාජනය වීමෙන් පසුව වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් රදවාගෙන පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඔහු නිවසට ගොස් සිටියදී රාත්‍රි ලේ වමනය කිරීමෙන් පසු රෝහල් ගතකර ඇති බව සදහන් වේ.

පහරදීම සම්බන්ධයෙන් මියගොස් ඇති තැනැත්තා ගේ බිරිද වන රෝෂිණී ලක්මාලී මහත්මිය පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණ පැමිණිල්ලක් සිදුකිරිමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පැවසුවාය.

මගේ මහත්‍තයව රිය අනතුරක් සිදුවීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන පැය කිහිපයකින් ගෙදර එව්වා. මහත්තයා කීවා මට පොලිසියෙන් පොලුවලින් හොදටම ගැහුවා පපුව රිදෙනවා කියලා.අපි එයාව රෝහලට අරගෙනගියා. පස්සේ  අද මියගිහින් කීවා. මමයි මේ අහිංසක දරුවයි තනිවුනා. අපිට සාධාරණයක් කරල දෙන්න මහත්තයෝ.

You may like this video