රජයේ දැව සංස්ථාවේ ලාභයට මොකද වුනේ..? සිදුව ඇති දේ මෙන්න කෝප් කමිටුවේදි සියල්ල හෙලි වේ...

Sri Lanka Parliament Sri Lanka
By Subodha Apr 27, 2022 10:31 AM GMT
Subodha

Subodha

Report

රාජ්‍ය ආයතන විසින් වාර්ෂිකව උපයන ආදායම් නිසි පරිදි රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබිය යුතු බව කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

රාජ්‍ය දැව සංස්ථාවේ 2019 – 2020 වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා පරීක්ෂාව සහකාර්ය සාධනය ඇගයීම සඳහා එහි නිලධාරීන් කෝප් කමිටුව වෙත කැදවූ අවස්ථාවේ සභාපතිවරයා මේ බව සඳහන් කර තිබුණි.

රාජ්‍ය දැව සංස්ථාව 2021 වර්ෂය සඳහා මෙහෙයුම් ලාභය ලෙස රුපියල් බිලියන 1.4ක් ලබා ඇති නමුත් ඉන් රාජ්‍ය භාණ්ඩාගාරය වෙත සම්ප්‍රේශණය කර ඇත්තේ රුපියල් මිලියන 100ක් පමණක් බවට කෝප් කමිටුවේ දී අනාවරණය වී ඇති බව සඳහන්ය.

මේ අතර රුපියල් මිලියන 14.4ක් වටිනා ණයගැතියන් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව සංස්ථාව විසින් කපාහැරීම පිළිබඳව ද කෝප්කමිටුව නිලධාරීන්ගෙන් කරුණු විමසා තිබේ .

එහිදී නිලධාරීන් සඳහන් කර ඇත්තේ , ආයතනික විගණන හා කළමනාකරණ කමිටුවේ අනුමැතිය මත 2007 වසරේ දී එවකට ක්‍රියාත්මක වූ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම තීරණය ගෙන ඇති බවය.

කෙසේ වෙතත් රාජ්‍ය ණය පිළිබඳ ඒකාබද්ධ අරමුදල භාරව කටයුතු කරනු ලබන්නේ මහා භාණ්ඩාගාර ලේකම්වරයා බැවින් ණයගැතියන් කපා හරින්නේ නම් ඒ පිළිබඳ භාණ්ඩාගාර ලේකම්වරයා ගේ අවසර ලබා ගත යුතු බව කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දී තිබේ .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න...
join now