IT බද්ද නිසා වෘත්තිකයන් රට හැර යාමේ අවදානමක් !
By Gagana News
තොරතුරු තාක්ෂණය, සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ නිදහස් සේවකයින් ලෙස රටට ඩොලර් උපයන සේවා වෙත සියයට 15ක බද්දක් පැනවීම හේතුවෙන් සේවා අපනයන ක්ෂේත්‍රයේ වෘත්තිකයන් රට හැර යාමේ අවදානමක් මතුව තිබෙනවා.
තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සභාපති ඉංජිනේරු කපිල පෙරේරා මේ බව සඳහන් කළා.
මෙවැනි තීරණ හේතුවෙන් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට පැමිණෙමින් තිබෙන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය කඩා වැටීමේ අවදානමක්ද ඇති බව ඔහු අවධාරණය කර සිටියා.
මෙම තීරණය හේතුවෙන් මෙතෙක් රටට පැමිණි ඩොලර් ආදායමද අහිමි වනු ඇති බවයි ඔහු පැවසුවේ.