ඌරෙකුට වෙළෙඳපොළ මිල නියම කරාට මිනිස් ජීවිතයකට බෑ..?(VIDEO)

covid19 economic central bank lock down prof W.A.Wijewardhana
By Sewvandhi Aug 14, 2021 03:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඌරෙකුට වෙළෙඳපොළ තුළ මිලක් නියම කළ හැකි වුවත් මිනිස් ජීවිතයකට වෙළෙඳපොළ තුළ මිලක් නියම කළ නොහැකි නිසා ටික කාලයකට රට වසා නොදැමුවහොත් ගොවියන්ගේ වෛද්‍යවරුන්ගේ සිට විද්‍යාඥයින් දක්වා වටිනා ජීවිත රටට අහිමිවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා අවධාරණය කරයි.

“ඌරෙක් ගත්තොත් වෙළෙඳපොළ තුළ වටිනාකමක් දෙන්න පුළුවන්. නමුත්, මනුෂ්‍යයාට එවැනි වටිනාකමක් දෙන්න බෑ. මේ වගේ තීරණාත්මක අවස්ථාවක පිරිවැය අඩුම මාර්ගය තමයි අනුගමනය කරන්න ඕන. රට ටික කාලයකට වසා දැම්මත් මේ භාණ්ඩ හා සේවා තොගය අපිට සම්පූර්ණයෙන්ම අහිමි වෙන්නෙ නෑ. මියයන පුද්ගලයින් ගොවියෙක් වෙන්න පුළුවන්. විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්. වෛද්‍යවරයෙකු වෙන්න පුළුවන්. දේශපාලනඥයෙකු වෙන්න පුළුවන්. විවිධ තරාතිරමේ සේවාවන් සමාජයට සපයන පුද්ගලයෙකු වෙන්න පුළුවන්. ඔවුන්ගේ අහිමිවන ජීවිත ප්‍රමාණයයි, රට යම් කාලයකට වසා දැමුවහොත් අහිමිවන බිලියන ප්‍රමාණයයි සංසන්දනය කළාම තරාදියේ ජීවිතවල තිබෙන වටිනාකම වැඩියි.“

එසේම, ශ්‍රී ලංකාව මේ වනවිට දැවැන්ත විනිමය අර්බුදයකට මුහුණදී සිටින බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය කාලයේදී වැරදි ක්‍රියාමාර්ග දෙකක් ක්‍රියාත්මක කළ බවත් ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා හෙළිදරව් කරයි.

අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කලේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now