දුම්රිය සේවයේ ගැටලු හෙළි වේ

By Mithu May 15, 2025 11:39 AM GMT
Report

දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින අඩුපාඩු හේතුවෙන් දුම්රිය ධාවනයේදී ගැටලු මතුවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. මෙම තත්ත්වය තුළ ඇතැම් අවස්ථාවලදී දුම්රිය ප්‍රමාද වීම් මත මගීන් දැඩි දුෂ්කරතාවට පත්වන බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.

වාලම්පුරි විකුණුවොත් වැඩ වරදී

වාලම්පුරි විකුණුවොත් වැඩ වරදී

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සේවක හිඟයක් මෙන්ම ප්‍රමාණවත් පරිදි දුම්රිය එංජින් සහ මැදිරි නොමැති වීමද ගැටලුකාරී තත්ත්වයක් වී ඇති බව ඔහු තවදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත්ත ද ඊට මෙතෙක් විසදුම් ලැබී නොමැති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පෙන්වාදුනි.

පොහොර වංචාවක් එළියට

පොහොර වංචාවක් එළියට