මුළු රටම බලාසිටි නව පොලිස්පති පත්කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..නොසිතූ කෙනෙක් පත් කරයි?..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Anura Kumara Dissanayaka
By Aruna Sep 27, 2024 06:06 AM GMT
Aruna

Aruna

Report

වැඩබලන පොලිස්පතිවරයාව අද (27) පත්කරන බවට වාර්තා වෙන බව ජාතික ජනබලවේගයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා.

ඒ අනුව උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා එම ධුරයට පත් කෙරෙන බවයි වාර්තා වන්නේ.

ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 36කට වැඩි සේවා කාලයක් හිමි නිලධාරියෙක් වේ.

ඒ අනුව ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා විවිධ තනතුරුවල සේවය කර ඇති බවටද වාර්තා වනවා.

05 වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් නව අගමැතිණිය කරන්න යන දේ ගැන දැනුම්දීමක්..

05 වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් නව අගමැතිණිය කරන්න යන දේ ගැන දැනුම්දීමක්..


මේ අතර නව රජය යටතේ වැඩ බලන පොලිස්පති තනතුරට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට යෝජනා කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ‘ප්‍රධාන පුවත්පත්’ වෙබ් අඩවියකට ඊයේ ප්‍රකාශ කර තිබුණා.

පොලිස් දෙපාර්තමේන්තුවේ තිස්හය වසරක නොකලැල් සේවාවක් හිමි හෙතෙම පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා විවිධ තරාතිරම්වල සේවය කළ දක්ෂ නිලධාරියෙක් බවයි පැවසෙන්නේ.

මේ වනවිට උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන හෙතෙම මීට පෙර අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, උතුරු හා මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් සැපයුම් අංශයේ අධ්‍යක්ෂ යන තනතුරුද හොබා ඇත.

1988 දී පොලිස් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයකු ලෙස පොලිස් සේවයට එක්වූ හෙතෙම 1992 දි උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස උසස්වීම් ලබා තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියකු ලෙසද, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිඥවරයකු වශයෙන්ද දිවුරුම් දීමෙන් පසුව සහකාර පොලිස් අධිකාරී තනතුර සඳහා ඔහු උසස්වීම් ලබා ඇත.

මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී උපාධියද ලබා ඇති හෙතෙම නැගෙනහිර ටිමෝරයේ සහ හයිටි රාජ්‍යයේ සාමසාධක මෙහෙයුම් සඳහා සහකාර පොලිස් අධිකාරිවරයකු හා පොලිස් අධිකාරිවරයකු ලෙස ද එක්ව තිබීම විශේෂත්වයක්.

අද මධ්‍යම රාත්‍රියේ ප්‍රදේ්ශ රැසකට වසර දෙකකට පසුව සිදු වන දේ..මෙම ප්‍රදේශ වල ජනතාව සූදානමින් ඉන්න..

අද මධ්‍යම රාත්‍රියේ ප්‍රදේ්ශ රැසකට වසර දෙකකට පසුව සිදු වන දේ..මෙම ප්‍රදේශ වල ජනතාව සූදානමින් ඉන්න..


මෙම රාජකාරි කාලසීමාව තුළ පොලිස්පතිවරුන් දසදෙනකු විසින් පොලිස් සේවයට කළ සේවය අගයමින් ප්‍රශංසාත්මක ලිපි ද ලබාදී තිබේ.

වැඩබලන පොලිස්පති තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ප්‍රියන්ත වීරසූරිය හා ලලිත් පතිනායක යෝජනා වී තිබූ අතර ඒ අතරින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යෝජනා වූ බවයි රජයේ ආරංචි මාර්ග අදාල පුවත්පත් වෙබි අඩවියට සනාථ කර ඇත්තේ.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%