මේ විශ්වවිද්‍යාල වල සිසුන්ට සතුටුදායක ආරංචියක්..ලක්ෂ 10ක් ගන්න විදිය මෙන්න..

Central Bank of Sri Lanka Ministry of Education A D Susil Premajayantha Education
By Aruna May 30, 2024 12:37 AM GMT
Aruna

Aruna

Report

පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා සිසුන්ට පොලී රහිත ණය ලබා දීමේ සීමාව රුපියල් දසලක්ෂයක් දක්වා වැඩි කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.

එමෙන් ම මෙවර එම ණය ලබා ගැනීමේ දී ඇප කොන්දේසි වැඩි කිරීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි..

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි..


පෞද්ගලික විශ්වවිද්‍යාලවල මේ වන විට ලියාපදිංචිව සිටින සිසුන් සම්බන්ධ තොරතුරු ලබා ගැනීම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පෙරේදා ( 28) අවසන් කෙරුණා.

එම තොරතුරු මත මෙවර ණය ලබා දෙන ශිෂ්‍ය සංඛ්‍යාව තීරණය කෙරේ. ඉහත ආරංචි මාර්ග සඳහන් කළේ, මෙවර සිසුන් සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් අවශ්‍ය වුවහොත් සිසුන් වැඩි ප්‍රමාණයකට වුව ණය ලබා දීමට හැකියාව ඇති බව මුදල් අමාත්‍යාංශය දන්වා තිබෙන බවයි.

ශිෂ්‍ය කණ්ඩායම් හතක්(07) මේ දක්වා මෙම ණය යෝජනා ක්‍රමයට ඇතුළත් වී තිබෙන බවයි පැවසෙන්නේ.

එම සිසුන් වෙනුවෙන් මෙතෙක් ලබා දුන් උපරිම ණය සීමාව වූයේ රුපියල් ලක්ෂ අටක මුදලක්.

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය දැනුම්දෙයි..ප්‍රතිඵල බලන්න පිවිසෙන්න..

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය දැනුම්දෙයි..ප්‍රතිඵල බලන්න පිවිසෙන්න..


සිව් වසරක උපාධි පාඨාමාලවක් සඳහා මෙලෙස රුපියල් ලක්ෂ අටක් ලබා දුන් අතර වසර තුනක පාඨාමාලාවක් සඳහා ලබා දුන්නේ රුපියල් ලක්ෂ හයකි.

පසුගිය වසරේ දී මෙම ණය යෝජනා ක්‍රමයට ඇතුළත් වූ සිසුන් සංඛ්‍යාව තුන් දහස් පන්සියයක් පමණ බවයි පැවසෙන්නේ.