පුද්ගලික අංශ සේවකයින්ට විශේෂ දැනුම් දීමක්..

By Sithumi Jun 19, 2022 11:04 AM GMT
Sithumi

Sithumi

Report

පුද්ගලික අංශයේ සේවකයින්ට නිවසේ සිට වැඩකිරීමට හැකි ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරයි. එමෙන්ම අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන් සීමා කරන ලෙස ද අමාත්‍යවරයා, ජනතාවගෙන් ඉල්ලා සිටී. අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

"අපි ඉල්ලීමක් කරනවා ජනතාවගෙන් අවශ්‍ය ලෙස තමන්ගේ විනෝද ගමන් වෙන්න පුළුවන් වෙනත් ගමන් වෙන්න පුළුවන්, අත්‍යාවශ්‍ය නොවන ගමන් සීමා කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. අපි ඒක කළ යුතු දෙයක්. රජයේ අංශයේ අපි චක්‍රලේඛයක් අපි නිකුත් කරලා තියෙනවා නිවසේ සිට වැඩකරන්න. බලශක්ති අමාත්‍යවරයා ලෙස ඉල්ලීමක් කරනවා පෞද්ගලික අංශයෙනුත්.

තමන්ට පුළුවන් නම් තමන්ගේ නිලධාරීන්, සේවකයින් නිවසේ සිට වැඩකිරීමට යොමු කරන්න. සමහර රැස්වීම්වලට කැඳවන්නේ නැතුව වාහනවලින්, එය මාර්ගගත ක්‍රමය ඔස්සේ කරන්න පුළුවන් නම්, අපි කොවිඩ් කාලයේ කළා. ඒ සියලුම ආයතනවලට ඒ පහසුකම තියෙනවා. දුරකථන පහසුකම් තියෙනවා. පරිගණක පහසුකම් තියෙනවා. ඒ ඔස්සේ වැඩකරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.

අපි බලනවා පුළුවන් තරම් විදුලිබලය දවල් කාලයේ, අඩුම තරමින් අධ්‍යාපන ඇමති අපෙන් ඉල්ලීමක් කරා සවස 1න් පස්සේ විදුලි කප්පාදුව කරන්න කියලා. ඒ අනුව අපි හෙට ඉඳලා මහජන උපයෝගීතා කොමිසම සමග සාකච්ඡා කරලා සවස් වරුවේ 1න් පසුව විදුලි කප්පාදුව සිදුකරන්න."