අතුරුගිරියේ බස් හෝල්ට් එකක් හදන්න ගිහින් ආණ්ඩුවේ මන්ත්‍රීවරු අමාරුවේ - පාලනාධිකාරියෙන් පොලිසියට පැමිණිල්ලක්

Report

අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් භූමියක් නීතිවිරෝධී ලෙස මෙට්‍රෝ බස් රථගාලකට යොදාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන මහත්වරුන් අතුරුගිරිය පොලිසියට කැඳවා ඇත .

ඒ එම භූමිය බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවට නිවාස සංකීර්ණයේ පාලනාධිකාරිය කළ පැමිණිල්ලකට අනුව එලෙස පොලීසියට කැදවා තිබුණි.

කෙසේවෙතත් එම පාලනාධිකාරිය චෝදනා කරන්නේ පැමිණිල්ල කර දැනට දින පහක් ගත වුවද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය පසුබට වෙමින් සිටින බවටය.

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ හා කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අතුරුගිරියේ මෙට්‍රෝ බස් රථගාල ඉකුත් සැප්තැම්බර් 29 වනදා විවෘත කර තිබේ ඒ සඳහා වෙන්කළ භූමිය ඉකුත් 26 වනදා සුද්ද පවිත්‍රකර සකස් කිරීම සිදු කර ඇත.

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

නිවාස සංකීර්ණයේ පාලානාධිකාරිය පසුව චෝදනා කළේ අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් පර්චස් 100ක භූමි ප්‍රමාණයක් බවත්, මන්ත්‍රිවරු එම භූමිය බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවයි.

ඉන් පසුව එම පාලනාධිකාරය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත ඒ අනුව ඊයේ (30) දිනයේදී ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ හ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන මහත්වරුන්ව අතුරුගිරිය පොලිසියට කැඳවා තිබේ