රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහර දුන්නැයි කියන සිද්ධියට එජාපයෙන් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙකු විසින් සිදුකළ බව කියන පහරදීම සම්බන්ධයෙන් ස්වාධීන සහ නිදහස් පරීක්ෂණයක් සිදුකළ යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අද (01) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව එම කැමරා ශිල්පියා කොම්පඤ්ඤවීදිය පොලිසිය වෙත කැඳවා තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකට සහභාගී වීමෙන් අනතුරුව අධිකරණ පරිශ්‍රයෙන් පිටතට පැමිණෙමින් සිටියදී මෙම සිද්ධිය සිදුව තිබුණි.

එහිදී හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරියෙකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙකු විසින් පහරදීමක් සිදුකර ඇති බව සඳහන් වේ. සිද්ධියෙන් පසු පහරකෑමට ලක්වූ ආරක්ෂක නිලධාරියා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

ඖෂධ 13ක මිල නියාමනයෙන් රජයට බිලියන ගණනක ලාභයක් - “ජනතාවට ලැබෙන ලාභය ඔවුන් භාවිත කරන ඖෂධ වර්ගය අනුව වෙනස් වේ”

ඖෂධ 13ක මිල නියාමනයෙන් රජයට බිලියන ගණනක ලාභයක් - “ජනතාවට ලැබෙන ලාභය ඔවුන් භාවිත කරන ඖෂධ වර්ගය අනුව වෙනස් වේ”

“ඩීසල් සමඟ බස් ගාස්තුත් වැඩි වෙයිද?” - ගැමුණුගෙන් මගී ජනතාවට කොළ එළියක්

“ඩීසල් සමඟ බස් ගාස්තුත් වැඩි වෙයිද?” - ගැමුණුගෙන් මගී ජනතාවට කොළ එළියක්