ඊයේ මුළු උසාවි බිමම උණුසුම් කළ සිද්ධිය - රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් කැමරා ශිල්පියා අත්අඩංගුවට

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියාව කොම්පඤ්ඤ වීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සිද්ධියට අඳාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (01) කොම්පඤ්ඤවීදිය පොලිසි‍යට පැමිණි අවස්ථාවේදී බව සඳහන්.

ඒ, පොලිසිය ඊයේ (30) කළ කැඳවීමකට අනුවයි. මේ අතර පොලිසිය, ඔහු නීතිඥවරයකු ද සමඟ පොලිසියට පැමිණ ඇති බව පවසා ඇති බව වාර්තා වේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී IOC ඉන්ධන මිලත් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී IOC ඉන්ධන මිලත් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

ඊයේ (30) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකින් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිටතට පැමිණි අවස්ථාවේදී, එහි සිටි පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙකු විසින් ඒ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට මෙසේ ප්‍රහාරයක් එල්ල කර තිබුණු බව සඳහන්.

එම සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ ද පළ වූ අතර මෙසේ සිද්ධියෙන් පහරකෑමට ලක්ව ඇත්තේ පොලිස් ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් සැරයන් ඒ. එච්. මහේෂ් රන්ජන් නම් නිලධාරි‍යෙක් බව සඳහන්.

ඒ අනුව ඔහු මේ වන විට නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තා වේ.   

ජපන් ගිහිල්ලත් ඉවරයි - ජපානයේ ඉන්න විදේශිකයන්ට නරක ආරංචියක් - මේ ගාස්තු 20 ගුණයකින් ඉහළට

ජපන් ගිහිල්ලත් ඉවරයි - ජපානයේ ඉන්න විදේශිකයන්ට නරක ආරංචියක් - මේ ගාස්තු 20 ගුණයකින් ඉහළට

පළාත් කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි - ආරක්ෂිත පියවර ගන්නැයි මහජනතාවට අවවාද

පළාත් කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි - ආරක්ෂිත පියවර ගන්නැයි මහජනතාවට අවවාද