මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සුප්‍රසිද්ධ ළමා නවකතාවක් වූ මඩොල් දූව ගිය දුරක් - ස්වීඩනයට ගිය ලංකාවේ සංස්කෘතිය

Report

ස්ටොක්හෝම් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනකින්, මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සුප්‍රසිද්ධ ළමා නවකතාවක් වන 'මඩොල් දූව' හි ස්වීඩන් පරිවර්තනය ඇසුරෙන් ස්වීඩන් පාසල් සිසුන් පිරිසකට ශ්‍රී ලාංකීය සාහිත්‍යය සහ සංස්කෘතිය පිළිබඳව හඳුන්වා දී ඇති බව වාර්තා වේ.

තානාපති කාර්යාලය සඳහන් කරන්නේ නවීන සිංහල සාහිත්‍යයේ පියා වශයෙන් පුළුල් ලෙස පිළිගැනෙන මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සාහිත්‍ය නිර්මාණ පිළිබඳව ස්වීඩන් පාඨකයන්ව දැනුවත් කිරීම මෙන්ම, ශ්‍රී ලාංකීය සම්ප්‍රදායන් සහ සංස්කෘතික උරුමයන් පිළිබඳ අවබෝධයක් ලබා දීම මෙම වැඩසටහනේ අරමුණ වූ බවයි.

එසේම මෙම වැඩසටහන අතරතුරදී, එම නවකතාවේ කතා පුවත සහ එහි චරිත මෙන්ම, කෘතිය තුළින් නිරූපණය වන සංස්කෘතික අංග පිළිබඳව ද දරුවන්ට කරුණු හඳුන්වා දී ඇත.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී IOC ඉන්ධන මිලත් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී IOC ඉන්ධන මිලත් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

එමෙන්ම 'මඩොල් දූව' ස්වීඩන් භාෂාවට පරිවර්තනය කළ ප්‍රියන්වදා එම්. බන්දුවර්ධන මහත්මිය විසින් එම කෘතියේ පරිච්ඡේදයක් කියවා පෙන්වූ අතර, පසුව කතා පුවත, ශ්‍රී ලංකාව සහ එහි සංස්කෘතිය පිළිබඳව සිසුන් සමඟ අන්තර්ක්‍රියාකාරී සාකච්ඡාවක් ද පැවැත් වූ බව වාර්තා වේ.

මේ අතර එම නවකතාවෙන් ආභාෂය ලැබූ නිර්මාණාත්මක චිත්‍ර ඇඳීමේ සැසියකට ද දරුවන් සහභාගී වූ අතර, ඒ ඔස්සේ ඔවුන්ගේ පරිකල්පනය ඔස්සේ කෘතියේ තේමාවන් සහ චරිත ගවේෂණය කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබුණු බව සඳහන්.

ජපන් ගිහිල්ලත් ඉවරයි - ජපානයේ ඉන්න විදේශිකයන්ට නරක ආරංචියක් - මේ ගාස්තු 20 ගුණයකින් ඉහළට

ජපන් ගිහිල්ලත් ඉවරයි - ජපානයේ ඉන්න විදේශිකයන්ට නරක ආරංචියක් - මේ ගාස්තු 20 ගුණයකින් ඉහළට

ඊට අමතරව සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය කෙටි ආහාර සහ ලංකා තේ (Ceylon Tea) පිළිගැන්වීමෙන් මෙම වැඩසටහන අවසන් වූ අතර, ඒ ඔස්සේ ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාරය සහ ආහාර සංස්කෘතිය අත්විඳීමට තරුණ සහභාගිවන්නන්ට අවස්ථාව හිමිව තිබෙනවා.

මෙම වැඩසටහන මඟින් ස්වීඩනය තුළ ශ්‍රී ලාංකීය සාහිත්‍යය සහ කලාව ප්‍රවර්ධනය කිරීම මෙන්ම දෙරටේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගත් අඛණ්ඩ සංස්කෘතික රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයන්හි කොටසක් ලෙස ක්‍රියාත්මක කළ බව තානාපති කාර්යාලය සඳහන් කරයි.

පළාත් කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි - ආරක්ෂිත පියවර ගන්නැයි මහජනතාවට අවවාද

පළාත් කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි - ආරක්ෂිත පියවර ගන්නැයි මහජනතාවට අවවාද