ගිගුරුම් සහිත වැසි සහ ප්‍රබල අකුණු ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

Report

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයටද බලපාන පරිදි ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත

අද (01) පෙරවරු 10.30ට නිකුත් කර ඇති මෙම නිවේදනය අද පස්වරු 11.30 දක්වා වලංගුය ඒ අනුව, අදාළ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බැවින්, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.

පළාත් කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි - ආරක්ෂිත පියවර ගන්නැයි මහජනතාවට අවවාද

පළාත් කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි - ආරක්ෂිත පියවර ගන්නැයි මහජනතාවට අවවාද

Gallery