ලංකාවේ මාධ්‍යවේදීන් සඳහා නොමිලේ - විශේෂ වැඩසටහනට ජාතික මහලේකම් කාර්යාලය අනුමැතිය
ජාතික මහලේකම් කාර්යාලය මගින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආබාධ සහිත තැනැත්තන් සඳහා වන මාධ්‍යවේදීන් සඳහා නොමිලේ සංඥා භාෂා පුහුණු පාඨමාලාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
මීට අදාළ යෝජනාව ඊයේ (30) රැස් වූ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාව වෙත ඉදිරිපත් කළ අතර, ඒ සඳහා ජාතික සභාවේ අනුමැතිය ද හිමි විය.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ සභාපතිත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණු අතර මෙම වසර අවසන් වීමට පෙර අදාළ පාඨමාලාව පවත්වා සහතිකපත් ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇත.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ආබාධ සහිත තැනැත්තන්ට ජනමාධ්‍ය ඔස්සේ තම සන්නිවේදන කටයුතු වඩාත් පහසුවෙන් සිදු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමයි.
රාජ්‍ය සේවකයන්ට අති විශේෂ නිවේදනයක් - වැටුප් වර්ධක ලබා ගැනීමට හා සේවය ස්ථිර කිරීමට - මේ සහතිකය පොලිසියෙන් අත්‍යවශ්‍යයි
තවත් අරමුණක් ලෙස අන්තර්කරණීය සමාජයක් ගොඩනැගීම සඳහා ජනමාධ්‍යයේ දායකත්වය වඩාත් පුළුල් ලෙස ලබා ගැනීම සඳහන් කළ හැකි අතර මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සියලු මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට සැලසුම් කර ඇත.
මේ වනවිට සංඥා භාෂාව ප්‍රධාන භාෂාවක් ලෙස පිළිගෙන ඇති අතර, රූපවාහිනී වැඩසටහන් සඳහා සංඥා භාෂා පරිවර්තනය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නියාමන වැඩසටහනක් ආරම්භ කිරීමට ද ජාතික සභාවේ එකඟතාව හිමි විය.
මෙම ජාතික සභා රැස්වීම සඳහා එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නාලිකා පියසේන මහත්මිය, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දර්ශනී කරුණාරත්න මහත්මිය, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජයමාලී වික්‍රමාරච්චි මහත්මිය ඇතුළු සෙසු සාමාජික සාමාජිකාවන් රැසක් සහභාගී වී ඇත.