“වැඩි මිලට බෝතල් කළ ජලය අලෙවි කළ අවන්හලකට වැඩ වරදී” - මිලියනයක දඩ මුදලක් නියම කරයි

Report

නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් බම්බලපිටිය ප්‍රදේශයේ අවන්හලකට රුපියල් මිලියනයක දඩයක් නියම කර තිබේ.

කොළඹ 04, ගාලු පාරේ පිහිටි අදාළ ආයතනයට එරෙහිව පවරා තිබූ නඩුව විභාග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දඩය නියම කර ඇත. අදාළ සමාගම චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව අධිකරණය විසින් දඩ මුදල නියම කර තිබේ.

අංක 2492/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියෝග අංක 96 යටතේ මිලිලීටර් 500 සිට 999 දක්වා ප්‍රමාණයේ බෝතල් කළ පානීය ජලය සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල රුපියල් 80කි.

කෙසේ වෙතත්, අදාළ අවන්හල විසින් මිලිලීටර් 500ක බෝතල් කළ පානීය ජල බෝතලයක් රුපියල් 100කට අලෙවි කර ඇති බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නඩු පවරා තිබුණි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරන්නේ උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බෝතල් කළ පානීය ජලය, අවන්හල් සහ හෝටල් ඇතුළු කිසිදු වෙළෙඳ ස්ථානයකදී එම මිල ඉක්මවා අලෙවි කිරීමට නොහැකි බවයි.

ඖෂධ 13ක මිල නියාමනයෙන් රජයට බිලියන ගණනක ලාභයක් - “ජනතාවට ලැබෙන ලාභය ඔවුන් භාවිත කරන ඖෂධ වර්ගය අනුව වෙනස් වේ”

ඖෂධ 13ක මිල නියාමනයෙන් රජයට බිලියන ගණනක ලාභයක් - “ජනතාවට ලැබෙන ලාභය ඔවුන් භාවිත කරන ඖෂධ වර්ගය අනුව වෙනස් වේ”

රියදුරන්ගේ ලකුණු අඩු කිරීමක් - අද සිට ක්‍රියාත්මක වන නීතිය මෙන්න

රියදුරන්ගේ ලකුණු අඩු කිරීමක් - අද සිට ක්‍රියාත්මක වන නීතිය මෙන්න