වැඩිහිටියන් හා දරුවන් වෙනුවෙන් - ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට අලුත් නීතියක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී දැනට ක්‍රියාත්මක වන 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත (Prevention of Domestic Violence Act, No. 34 of 2005) වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සංශෝධන සම්බන්ධයෙන් යෝජනා සලකා බැලීමක් සිදුවිය.
පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරියන් වන නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ සමන්මලී ගුණසිංහ යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වී ඇත්තේ සංසදයේ සභාපතිනි අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහභාගී නොවීම හේතුවෙනි.
රාජ්‍ය සේවකයන්ට අති විශේෂ නිවේදනයක් - වැටුප් වර්ධක ලබා ගැනීමට හා සේවය ස්ථිර කිරීමට - මේ සහතිකය පොලිසියෙන් අත්‍යවශ්‍යයි
මෙම පනතේ මූලික අරමුණ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ එමඟින් පීඩාවට පත්වන පුද්ගලයන්ට කඩිනම් නීතිමය සහන ලබා දීම වන අතර මෙම පනත වෙනුවට යෝජිත නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මුස්ලිම් කාන්තා පර්යේෂණ හා ක්‍රියාකාරී සංසදය (Muslim Women’s Research and Action Forum – MWRAF) විසින් යෝජනා රැසක් මෙහිදී ඉදිරිපත් කර ඇත.
මෙහිදී සාකච්චා වූ කරුණු අතර ප්‍රචණ්ඩත්වයට ලක් වන වැඩිහිටියන් සහ දරුවන් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි පුද්ගලයන් හා නිලධාරීන්ගේ පරාසය පුළුල් කිරීම, අයදුම් කිරීමේ ක්‍රියාවලිය සරල කිරීම, අතුරු ආරක්ෂණ නියෝග වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහ ආරක්ෂණ නියෝග සම්බන්ධයෙන් පසු විපරම් ක්‍රමවේද ශක්තිමත් කිරීම ආදිය විශේෂ වේ.
වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළේ නීති සම්පාදනයට පමණක් සීමා නොවී, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන කාන්තාවන්ගේ සැබෑ අත්දැකීම් මත පදනම් වූ නීතිමය හා ආයතනික ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවයි.
මීට අමතරව, ක්‍රිසාලිස් ශ්‍රී ලංකා (Chrysalis Sri Lanka) සංවිධානය විසින් කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය හා නියෝජනය ඉහළ නැංවීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදු කරන ලදී.
කාන්තාවන්ගේ ආර්ථික සවිබල ගැන්වීමෙන් ඔබ්බට ගොස්, ප්‍රතිපත්ති සම්පාදනය ඇතුළු තීරණ ගැනීමේ ක්‍රියාවලීන්හි කාන්තාවන්ගේ සහභාගීත්වය පුළුල් කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර තිබේ.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව පවතින නීතිමය ආරක්ෂණ ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම, කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියේ ඔවුන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරියේදී ද අවධානය යොමු කිරීමට මෙහිදී එකඟතාව පළ වූවා. මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.