ඖෂධ මිල අඩුවී ඇති බැවින් සෑම පළාතකම සිදු කරන්න යන දේ - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති කියයි
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කර ඇත්තේ ඖෂධ මිල අඩුවී ඇති බැවින් සෑම පළාතකම ඖෂධ ගබඩා පිහිටුවීම ආරම්භ කරන බවයි.
ඔහු මේ බව කියා ඇත්තේ මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ඉදි කරන ලද නව නොමේරු ළදරු ඒකකය විවෘත කිරීම හා ළමා වාට්ටුව ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.
එහිදී අංග සම්පූර්ණ නවීන පහසුකම්වලින් යුත් නව නොමේරු ලදරු ඒකකයක් පිහිටුවීම තුළින් ප්‍රදේශයේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමට හැකි වනු ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.
එමෙන්ම ඖෂධ විශාල වශයෙන් ගෙන්වීමත් සමඟ ගබඩා පහසුකම් නොමැති වීමෙන් සෑම පළාතකම රජයේ ඖෂධ ගබඩා පිහිටුවීමට පියවර ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් එක් ව සිටි බව සඳහන්.