හෙට දරුණු සුළි කුණාටුවක් - මුළු ලංකාවටම වලංගු වන පරිදි අනතුරු නිවේදනය නිකුත් කෙරේ
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය (Deep Depression), හෙට (17) දිනයේදී තවදුරටත් ප්‍රබල වී 'දරුණු සුළි කුණාටුවක්' (Severe Cyclonic Storm) දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවට අනුව, අද (16) උදෑසන 8.30 වන විට මෙම පද්ධතිය ත්‍රිකුණාමලයේ සිට ඊසාන දෙසින් කිලෝමීටර් 645ක් පමණ දුරින් පිහිටා තිබුණි.
මෙය අද සවස වන විට බෙංගාල බොක්කේ දකුණු සහ ඊට යාබද බටහිර-මධ්‍යම ප්‍රදේශවලදී 'සුළි කුණාටුවක්' (Cyclonic Storm) දක්වා වර්ධනය වීමට ඉඩ ඇති අතර, හෙට දිනයේදී බෙංගාල බොක්කේ බටහිර-මධ්‍යම ප්‍රදේශය ආශ්‍රිතව 'දරුණු සුළි කුණාටුවක්' දක්වා තවදුරටත් ප්‍රබල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය.
ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අගමැතිනි හරිනිගෙන් පාසල් සිසුන්ට පණිවිඩයක් - උසස් පෙළ හා සාමාන්‍ය පෙළ වසරවල දරුවන් පාසල් පැමිණීම අනිවාර්යයි
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් අලුයම කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව ඇති විය හැකි ප්‍රබල සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.