ඔබත් පරිස්සමෙන් පෞද්ගලික බැන්කුවක අද සිදු වූ දේ.
කොල්ලුපිටියේ පෞද්ගලික රෝහලක සේප්පුවක් කඩා රුපියල් රුපියල් ලක්ෂ 11ක මුදලක් සොරා ගෙන පළා ගොස් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට කොල්ලුපිටිය පොලීසිය සමත්ව තිබේ.
ඒ සැකකරු හා පෙමින් බැඳුනු පොලිස් කොස්තාපල්වරියක් උපක්‍රමශීලීව එම සැකකරුව පිටකොටුව ප්‍රදේශයට ගෙන්වා ගැනීමෙන් පසුවය. 2021 වසරේ ඔක්තෝම්බර් 30 වෙනි දින පෞද්ගලික රෝහලේ පිළිසකර කිරීමේ කටයුත්තක් සඳහා තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු සමග පැමිණ තිබූ සැකකරු එම පුද්ගලයන්ට ද හොර රහසේ සේප්පුවට මිටියකින් පහර දී එහි තිබූ රුපියල් ලක්ෂ 11ක මුදලක් සොරා ගැනීමෙන් අනතුරු
ව ඔහු සේවය කල ආයතනයෙන්ද පළා ගොස් තිබිණි. සිදුවූ සොරකම සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලුවද වැදගත් තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී ඇත. අනතුරුව ඔහුගේ ජංගම දුරකථන අංකයෙන් "මිස් කෝල්" එකක් ලැබී තිබුණු බව පවසමින් කොස්තාපල්වරියක් ලවා ඇමතුමක් ලබාදී සැකකරු සමග හිතවත්කමක් ගොඩනගා ගැනීමට පොලීසිය උපදෙස් දී තිබුණි
. එම උපදෙස අකුරට ක්‍රියාත්මක කළ කොස්තාපල්වරිය දහවල් කාලයට අමතරව සැකකරු හා රාත්‍රී කාලයේ ද දින දෙක තුනක් කතා කිරීමට කටයුතු කළ බව පොලීසිය පවසයි. තමන් කොළඹ ප්‍රදේශයේ රැකියාව කරන බවත් ගම වලස්මුල්ල ප්‍රදේශයේ බවත් පවසමින් සැකකරු ඔහුගේ සියලුම තොරතුරු නොසඟවා කොස්තාපල්වරිය සමග කතාබහ කළ විනාඩි කිහිපය තුළ පවසා තිබූ අතර තමන් ද පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරිනියක් ලෙස සේවය කරන බව කොස්තාපල්වරිය සැකකරුට පවසා තිබුණි
. දින කිහිපයක් ගතවීමෙන් අනතුරුව දෙදෙනා හමුවෙමු යැයි කොස්තාපල්වරිය කළ යෝජනාවට දෙවරක් නොසිතා සිය කැමැත්ත පළ කළ සැකකරු හැඳගෙන පැමිණෙන ඇඳුමේ වර්ණය ද පවසා පිටකොටුවට පැමිණෙන බවට කළ දැනුම්දීමට අනුව රැකසිටි සෙසු නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය
. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ සොරා ගත් මුදලින් රුපියල් 275,000 මුදලක් තිබී පොලිස් භාරයට ගත් අතර සෙසු මුදල් පිළිබඳ ප්‍රශ්න කිරීමේදී කඩුවෙල රනාල ප්‍රදේශයේ සිටින පෙම්වතියට රුපියල් 150,000ක මුදලක් වැයකර අල්මාරියක්, ගෑස් ලිපක්, සිලින්ඩරයක්, රෙදිපිළි රඳවනයක් ඇතුළු උපකරණ කිහිපයක් මිලදී ගෙන ලබා දුන් බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එම භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන තිබේ. ඉතිරි මුදල් කාන්තාවන්ගේ පහස විඳීමට මෙන්ම ආහාර පාන ලබා ගැනීම සහ ඇඳුම් පැළඳුම් ලබාගැනීමට වියදම් කළ බවත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක පුද්ගලයෙක් වන අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කොළඹ දකුණු දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර පෙත්ත්‍රි තන්ත්‍රී ,පොලිස් අධිකාරී සමන් ජයසේකර මහත්තුරුන් ගේ උපදෙස් මත කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩන්කන් ගුණවර්ධන ,අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |