ස්ටෙෆනි ගැන ඇරුණු කටවහල් වහන්න බන්ධනාගාරයෙන්ම නිල ප්‍රකාශයක් - පත් කරපු ඇත්තම හේතුව මෙන්න

Report

බන්ධනාගාර රැඳවියන් මුහුණ දෙන ගැටලු හඳුනා ගැනීම සහ ඔවුන්ගේ සුභසාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් රජය මඟින් සාමාජිකයින් හය දෙනෙකුගෙන් යුත් විශේෂ බන්ධනාගාර නිරීක්ෂණ කමිටුවක් පත් කර තිබෙනවා.

අඳාළ කමිටුවේ විශේෂත්වයක් වන්නේ 2011 වසරේ ශ්‍රී ලංකා රූ රැජින ලෙස කිරුළු පැළඳි සහ 2013 වසරේ ආසියානු රූ රැජින ලෙස සම්මානයට පාත්‍ර වූ ප්‍රකට නිරූපණ ශිල්පිනී ස්ටෙෆනි සිරිවර්ධන මෙනෙවිය ද එහි සාමාජිකාවක් වශයෙන් ඇතුළත් කර තිබීමයි.

ඒ අනුව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා ප්‍රකාශ කළේ අඳාළ පත්කිරීම් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ස්ථාපිත ක්‍රියා පටිපාටිවලට අනුකූලව සිදු කර තිබෙන බවයි.

සියල්ල වමාරමින් උමාරියත් - ස්ටෙෆනි ගැන සටහනක් දාලා!

සියල්ල වමාරමින් උමාරියත් - ස්ටෙෆනි ගැන සටහනක් දාලා!

එමෙන්ම බන්ධනාගාර රැඳවියන් මුහුණ දෙන විවිධ දුෂ්කරතා සහ ගැටලු සමීපව නිරීක්ෂණය කිරීම, අඳාළ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබා දීමට මැදිහත් වීම, රැඳවියන්ගේ සුභසාධනය සහ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම මෙම කමිටුවේ ප්‍රධාන වගකීම් වේ.

එසේම බන්ධනාගාර පද්ධතිය තුළ සිටින රැඳවියන්ගේ මානුෂීය අවශ්‍යතා සහ සුභසාධනය සඳහා මෙම කමිටුව සක්‍රීයව දායක වනු ඇති බවද බලාපොරොත්තු වේ.

ස්ටෙෆනිට බන්ධනාගාර තානාන්තරය ලැබුණු සුදුසුකම හෙළිවේ - හිටපු නි.පොලිස්පති චම්පිකගෙන් අනාවරණයක්

ස්ටෙෆනිට බන්ධනාගාර තානාන්තරය ලැබුණු සුදුසුකම හෙළිවේ - හිටපු නි.පොලිස්පති චම්පිකගෙන් අනාවරණයක්

සමාජ මාධ්‍ය උණුසුම් කරමින් බන්ධනාගාර අධීක්ෂණ කමිටුවට ස්ටෙෆනි පත්වෙයි

සමාජ මාධ්‍ය උණුසුම් කරමින් බන්ධනාගාර අධීක්ෂණ කමිටුවට ස්ටෙෆනි පත්වෙයි