මෙන්න මිනිස්සු - බන්ධනාගාර රැදවියන් ලංකාවටම ආධාර බෙදයි [PHOTO]

Report

බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ දිට්වා සුළි කුණාටුව නිසා ආපදාවට පත් ජනතාවට වෙනුවෙන් ඔවුන්ට සහන සැලසීම සදහා රටේ පිහිටි බන්ධනාගාර 10ක රැඳවියන් ඔවුන්ගේ ආහාරවේලක් පරිත්‍යාග කර ඇති බවයි.

ඒ අනුව මෙලෙස තම ආහාරවේල ආපදාවට පත්වූ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කල බන්ධනාගාර ලෙස නව මැගසින් බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය, බෝගම්බර බන්ධනාගාරය, මාතර බන්ධනාගාරය, මහර බන්ධනාගාරය, කුරුවිට බන්ධනාගාරය, යාපනය බන්ධනාගාරය, මොණරාගල බන්ධනාගාරය, අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය සහ මඩකලපුව බන්ධනාගාරවල රැඳවියන් වාර්තා වේ.

මෙන්න මෙයාලට රජයෙන් ණය පැකේජ - ළගම බැංකුවෙන් ගන්න පුළුවන්

මෙන්න මෙයාලට රජයෙන් ණය පැකේජ - ළගම බැංකුවෙන් ගන්න පුළුවන්

අදාල නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන ආකාරයට නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් රුපියල් 450,710ක් වටිනා ආහාර ද්‍රව්‍ය , වැලිකඩ බන්ධනාගාරයෙන් රුපියල් 454,630ක් වටිනා ආහාර ද්‍රව්‍ය, බෝගම්බර බන්ධනාගාරයෙන් රුපියල් 367,949ක් වටිනා ආහාර ද්‍රව්‍ය, මාතර බන්ධනාගාරයෙන් රුපියල් 105,046ක ආහාර ද්‍රව්‍ය ද, මහර බන්ධනාගාරයෙන් 386,010 ආහාර ද්‍රව්‍ය හා කුරුවිට බන්ධනාගාරයෙන් රුපියල් 195,150ක් වටිනා ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කර ඇති බවයි.

අද රාත්‍රී 11 දක්වා අනතුරු නිවේදන නිකුත් වේ - ජනතාව ප්‍රවේශමෙන්

අද රාත්‍රී 11 දක්වා අනතුරු නිවේදන නිකුත් වේ - ජනතාව ප්‍රවේශමෙන්

මීට අමතරව යාපනය බන්ධනාගාරයේ රැඳවියන් පරිත්‍යාග කළ ආහාර ද්‍රව්‍යවල වටිනාකම රුපියල් 258,612ක් වන අතර මොණරාගල බන්ධනාගාරයෙන් රුපියල් 96,471ක, අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයෙන් රුපියල් 540,679ක සහ මඩකලපුව බන්ධනාගාරයෙන් රුපියල් 209,224ක ආහාර ද්‍රව්‍ය මෙලෙස ආපදාවට පත්වූ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කර ඇත.

මෙන්න මිනිස්සු - බන්ධනාගාර රැදවියන් ලංකාවටම ආධාර බෙදයි  | Prison Inmates Donate Meals For Flood Victims