අටපිරිකර මිලදී ගැනීමේදී මහජනතාව ප්‍රවේශම් වෙන්න - පාරිභෝගික අධිකාරියෙන් නිවේදනයක්
නිසි ප්‍රමිතියෙන් තොර අටපිරිකර අලෙවිකරන වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරිය පවසන්නේ මේ වසර තුළ අටපිරිකර හා පිරිකර අලෙවිය සම්බන්ධ වැටලිම් 127ක් සිදුකර ඇති අතර ඉන් 119 කම අක්‍රමිකතා අනාවරණය වූ බවයි.
අටපිරිකර හා පිරිකර භාණ්ඩ නිසි ප්‍රමිතියෙන් යුතුව අලෙවි කරන්නේද යන්න සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ(10) දිනයේ දී විශේෂ වැටලීම් 92 ක් සිදුකර ඇත.
එමෙන්ම පසුගිය මාසයේදී ද වැටලිම් 35 ක් සිදුකළ බවත් භාණ්ඩවල හෝ ඒවායේ ඇසුරුම්වල නියමිත තොරතුරු සඳහන් කර තිබේ ද යන්න සහ අදාළ නීතිමය අවශ්‍යතා පිළිපදිනවාද යන්න එහිදී පරීක්ෂාවට ලක් කර ඇත.
අටපිරිකර විවෘත කර බැලීමේදී නිසි ප්‍රමිතියෙන් තොර බව හෙළි වී ඇති අතර අටපිරිකර මෙන්ම තනිපට සිවුරු, අදනකඩ, බඳපටි, පාත්‍ර සහ අනෙකුත් පිරිකර භාණ්ඩවල හෝ ඒවායේ ඇසුරුම්වල නියමිත තොරතුරු සඳහන් නොකිරීම ප්‍රධාන වශයෙන් අනාවරණය වී තිබේ.
අහඹු ලෙස තෝරාගත් අටපිරිකර විවෘත කර බැලිමේදී ඇතැම් අටපිරිකeywords
රවල දෙපට සිවුර වෙනුවට තනිපට සිවුරක් ඇතුළත් කර තිබීම, අටපිරිකරට අදාළ කොටස් අට සම්පූර්ණ නොවීම, මිල අනුව ඇතුළත් කර ඇති භාණ්ඩ වෙනස් වීම, ඇලුමිනියම්වලින් නිෂ්පාදනය කළ පාත්‍ර, තැලී ගිය පාත්‍ර සහ මළ බැදුණු දැලි පිහි ඇතුළත් කර තිබීම වැනි අක්‍රමිකතා හෙළිවූ බවයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. සම්පූර්ණ අටපිරිකරක් මිලදී ගැනීමේදී එහි ඇතුළත් භාණ්ඩ පිළිබඳවද සැළකිලිමත් වන ලෙස අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර අක්‍රමිකතාවක් ඇත්නම් කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි අංකය ඇමතීමෙන් ඒ පිළිබඳ තොරතුරු ලබාදිය හැකියි.