පෞරුෂයක් නැතැයි කියා විදුහල්පතිනිය විසින් පිරිමි ගුරුවරයා පාසලෙන් පන්නා දමයි.

Expels
By Thaya Jan 07, 2021 10:27 PM GMT
Thaya

Thaya

Report

කොළඹ විශාඛා විද්‍යාලයේ උසස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය ඉගැන්වීම සඳහා පත් කර එවන ලද ගුරුවරයෙකු එම විදුහලට නුසුදුසු බව කියමින් විදුහල්පතිනිය විසින් පත්වීම බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එම ගුරුවරයා සඳහන් කරන්නේ තම පත්වීමේ ලිපිය බුලත් හුරුල්ලක් සමග ඉකුත් 4 වෙනිදා විදුහල්පතිනියට බාරදුන් පසු ලිපිය තමන් වෙත ආපසු දමා ගැසූ බවයි.

තමන් විදුහලේ ආරක්ෂකයන් යොදවා පාසලෙන් ඉවත් කිරීමටද විදුහල්පතිනිය කටයුතු කළ බව පවසන ඔහු සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කල බවත් කියයි.

ඒ පිළිබඳව බම්බලපිටිය පොලිසියටද පැමිණිලි කර ඇත.

කෙසේ නමුත් විශාඛා විදුහලේ විදුහල්පතිනිය සඳහන් කරන්නේ උසස් පෙළ සිංහල විෂය සඳහා මෙතෙක් පිරිමි ගුරුවරු එම පාසලට පැමිණ නැති බවත් එම විෂය ඉගැන්වීම සඳහා තරම් පෞරුෂයක් පත් කර එවන ලද ගුරුවරයාට නැති බවයි.


ReeCha