අගමැති තවත් විශේෂ සාකච්ඡාවක..තීරණය කුමක් වෙයිද..?

sri lanka politics prime minister GMOA Mahinda Rajapaksha
By Sewvandhi Jan 04, 2022 08:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

‍අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වේ. අරලියගහ මන්දිරයේදී පෙරවරු 11.00ට එම සාකච්ඡාව ආරම්භ වුණි.

ඉල්ලීම් 7ක් මුල්කර ගනිමින් පසුගියදා එම සංගමය සිව්දින දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වු අතර ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡාවක් ලබාදී තිබුණි.

අද පැවැත්වෙන එම සාකච්ඡාවෙන් අනතුරුව යළි වැඩවර්ජනයකට යොමු වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now