තවත් හද සසල කරවන ඝාතනයක් සීදූවෙන්

Sri Lanka Police Crime Branch Criminal Investigation Department Law and Order Murder Sinhala news
By Mithu Aug 13, 2025 05:36 AM GMT
Mithu

Mithu

Report

මේ දිනවල හද සසල කරවන ඝාතන රැල්ලක් රට පුරා ක්‍රියාත්මක වන අතර නිරන්තරයෙන්ම වෙඩි හුවමාරු සහ කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීම් රැසක් වාර්තාවේ.

ඒ අනුව සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පිරිසක් විසින් ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

'අනේ මාව ඉස්පිරිතාලෙට ගෙනියන්න කිව්වා'හිටපු මන්ත්‍රී අවසන් හුස්ම හෙළන්නට කලින් කියපු කතාව

'අනේ මාව ඉස්පිරිතාලෙට ගෙනියන්න කිව්වා'හිටපු මන්ත්‍රී අවසන් හුස්ම හෙළන්නට කලින් කියපු කතාව

පහර දීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බරපතළ තුවාල සහිතව මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ. මරණකරු අවුරදු 40ක ඊරියගහළිඳ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

අම්මෝ පියුමිගේ ex බෝයි කරන වැඩ-පියුමිගේ බිස්නස් එකටත් ගහලා?

අම්මෝ පියුමිගේ ex බෝයි කරන වැඩ-පියුමිගේ බිස්නස් එකටත් ගහලා?