හොරාට හම්බ කරපු සල්ලි වෙන අයගේ නමට හරවලා කොකා පෙන්නපු ලොක්කෝ 26කට වැඩ වැරදිලා

CID - Sri Lanka Police Sri Lanka Politician Crime Latest Headlines Sinhala news
By Ashfa Aug 13, 2025 01:20 AM GMT
Ashfa

Ashfa

Report

අයථා දේපළ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ඔවුන්ගේ විමර්ශන වලට මහත් අපහසුවක් වන අයුරින් පසුගිය රජයන් ආණ්ඩුවේ සිටි ප්‍රබල දේශපාලනඥයන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් ඔවුන් විසින් නිති විරෝධිව අයථා ආකාරයට උපයාගත් මුදල් සහ දේපළ වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් මිලදී ගැනීම සහ බැංකුවල තැන්පත් කිරීම සිදු කර තිබේ.

ශ්‍රී ලංකා යුධ හමුදාවට විරුද්ධව උතුරේ හර්තාල් - හේතුව අහලා බයත් හිතුනා

ශ්‍රී ලංකා යුධ හමුදාවට විරුද්ධව උතුරේ හර්තාල් - හේතුව අහලා බයත් හිතුනා

මේ හේතුවෙන් නිලධාරීන්ට ඔවුන්ගේ විමර්ශන කටයුතු සිදු කර ගැනීමට අසීරුතාවයක් ඇති වුවද මෙම නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් මෙම දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ගැඹුරින් සොයා බලන බවත් වාර්තා වේ.

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

එයට අනුව අයථා ආකාරයට මුදල් සහ දේපොළ ඉපයීම් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන සහ චාමර සම්පත් මහත්වරුන්ගෙන් ඉදිරි දිනවලදී ප්‍රශ්න කිරීමට නියමිතව ඇති බව අයථා දේපොළ ඉපයීම් විමර්ශන ඒකකය පවසයි.

"මහින්ද රාජපක්ෂ අනතුරේ - මාලිමා ආණ්ඩුව මහින්දගෙන් පලි ගන්නවා ඔහොම බාල තීන්දු ගන්න එපා" - නන්දන ගුණතිලක

"මහින්ද රාජපක්ෂ අනතුරේ - මාලිමා ආණ්ඩුව මහින්දගෙන් පලි ගන්නවා ඔහොම බාල තීන්දු ගන්න එපා" - නන්දන ගුණතිලක

වැඩිදුරටත් ඔවුන්'සදහන් කරන්නේ හිටපු දේශපාලනඥයන් ආරක්ෂක අංශ ප්‍රධානී ඇතුළු ප්‍රබලයන් 26 දෙනෙකුගේ අයථා දේපොළ ඉපයීම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම දේශපාලනඥයන් ඇතුළු ප්‍රබලයන් සතු දේපොළ වෙනත් අයගේ නම්වලට ලබාගෙන ඇති දේපොළ සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

අද මේ ලග්න හිමිකරුවන්ට විශේෂයි අතමිට සරුවෙලා වස්තුව සැප සම්පත් දොරේ ගලනවා

අද මේ ලග්න හිමිකරුවන්ට විශේෂයි අතමිට සරුවෙලා වස්තුව සැප සම්පත් දොරේ ගලනවා