උත්සව සමයේ කුකුළු මස් හා බිත්තර මිල ගණන් ගැන දැනුම් දීමක්...
Sri Lanka
Sri lanka Food Recipes
Egg
By Hashini
උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර මිල ගණන් තවදුරටත් පහළ යනු ඇති බව සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසනවා.
වැට් බදු වැඩි කිරීම මඟින් ආනයනික සත්ත්ව ආහාර මිල ගණන්වල ඉහළ යාමක් සිදුවුවහොත් මෙම තත්ත්වයේ වෙනසක් සිදුවිය හැකි බව එම සංගමයේ සභාපති පවසනවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ඔවුන්ගේ නිෂ්පාදන අඛණ්ඩව වෙළෙඳපොළට එවීම හේතුවෙන් මේ වන විට රුපියල් 35– 40 අතර මිලකට බිත්තරයක් අලෙවි කිරීමේ හැකියාවක් පවතින බවයි.
........................
