දියුණු හරකුන්ගේ ශුක්‍රාණු ආනයනය කර රට ගොඩනගනවා - අමාත්‍ය නාමල් කරුණාරත්න

Sri Lanka Politician Ministry of Agriculture Economy of Sri Lanka Sinhala news NPP Government
By Ashfa Jul 14, 2025 11:57 AM GMT
Ashfa

Ashfa

Report

දියුණු ගවයන්ගෙන් තෝරාගත් ශුක්‍රාණු මෙරටට ආනයනය කර, මෙරටට ගැලපෙන ආකාරයෙන් ගෝව කර්මාන්තය වර්ධනය කිරීමේ වැඩපිළිවෙළක ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

එමඟින් ඉතාම දියුණු ගවයන් පහලොස් දහසකට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, "හොඳම ගවයන් ලබාදීම සඳහා විශේෂ වැඩසටහනක් සැලසුම් කර ඇත.

පියුමිගේ පුතාට ඇප දෙන්න ගියේ පියුමිගේ ex බෝයි වෙනුර

පියුමිගේ පුතාට ඇප දෙන්න ගියේ පියුමිගේ ex බෝයි වෙනුර

 

විශේෂයෙන්ම ආයනිකව ලිංග නියමිත ශුක්‍රාණු ආනයනය කර, එමඟින් උසස් ගවයන් පිරිසක් උත්පාදනය කිරීම අපගේ අරමුණයි" යන්නය. ඔහු තවදුරටත් පැවසුවේ, පසුගිය වසරවල ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කළ ගවයන් රටට ගැලපී නොසිටීමෙන් විශාල හානි සිදුවූ බවත්, එම ගවයන් 5000ක් ගෙන්වාගෙන තිබුණද වර්තමානයට සජීවීව පවතින්නේ 400ක් පමණක් බවත්ය.

එම සතුන්ට රෝග තිබී ඇති අතර, මෙය විශාල අකාර්යක්ෂමතාවක් වී ඇති බවද ඔහු කියා සිටියේය. එබැවින්, එවැනි ආනයනික අත්දැකීම් වෙනුවට, ශ්‍රී ලංකාවට ගැලපෙන විශේෂීකෘත ශුක්‍රාණු භාවිතයෙන් උසස් ගවයන් නිපදවීමේ ක්‍රමයකට හැරවීමට මේ වනවිටම කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා විශාල විදේශ විනිමය මුදලක් වාර්ෂිකව වැය වන අතර, එම වියදම අවම කරමින් මෙරට තුළම කිරි කර්මාන්තය ශක්තිමත් කිරීම තමන්ගේ ප්‍රධාන ඉලක්කය බවද ඔහු අවධාරණය කළේය.  

ReeCha