කිරිපිටි ගැන ගත් අලුත්ම තීරණය මෙන්න.
Sri Lanka
Colombo harbor
Milk powder
By Aruna
වරායේ සිරවී ඇති මෙරටට ආනයනය කළ කිරිපිටි තොග නිදහස් කරගැනීමට බැංකු මගින් තවමත් තමන් වෙත ඩොලර් නිකුත් නොකිරීම නිසා අදාළ කිරිපිටි තොග ඉන්දුනීසියාව හෝ බංග්ලාදේශය වෙත ප‍්‍රති අපනයනය කිරීමට තීරණය කළ බව කිරිපිටි ආනයනයකරුවන් පවසනවා.
ඊයේ දක්වාම මෙම ගැටලුවට රජයෙන් විසදුම් නොලැබීම නිසා තමන් ආනයනය කළ, වරායේ රඳවාගෙන සිටින කිරිපිටි තොග මෙලෙස ඉන්දුනීසියාව හා බංග්ලාදේශයට ප‍්‍රතිඅපනයනය කිරීමට අපේක්‍ෂා කරන බවයි කිරිපිිටි ආනයනකරුවන්ගේ සංගමය ප‍්‍රකාශ කළේ.
වරායේ ඇති කිරිපිටි කන්ටේනර් දොළහක් නිදහස් කර ගැනීමට නෙහැකිවීම නිසා කිරිපිටි ගෙන්වූ නැව් සමාගම්වලට රුපියල් ලක්ෂ තිස්හතක මුදලක් ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදුවන බව ද කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පැවසුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |