ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ මිල ගණන් අඩු කෙරේ..?
PCR
ANTIGEN
PRICE CHANGE
PRIVATE HOSPITAL
LABORATRY
By Sewvandhi
ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ සඳහා වැඩි මිලක් අයකරන බවට පැමිණිලි ලැබී ඇති බව බලධාරීන් පවසයි. ඒ අනුව එම පරීක්ෂණ සඳහා මහජනතාවට දැරිය හැකි ස්ථාවර මිලක් අයකරන ලෙස එම පරීක්ෂණ සිදුකරන ආයතන දැනුවත් කිරීමට පියවර ගන්නා බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය පැවසීය.
එම තීරණය ගෙන ඇත්තේ අද (04) පැවති සාකච්ඡාවකදීය. එහිදී PCR පරීක්ෂණයක් රුපියල් 6,000කටත්, ඇන්ටිජන් පරීක්ෂණයක් රුපියල් 1,750කටත් අඩුකර ගැනීමට එම ආයතනවලට උපදෙස්දීමට තීරණය කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් අදාළ ආයතනවල පාලනාධිකාරිය දැනුවත් කර එම ආයතනවල පිරිවැය ව්‍යුහයන් පිළිබඳ තොරතුරු පාරිභෝගික අධිකාරිය වෙත ලබාදෙන ලෙසටද දන්වා ඇත.
You may like this video-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |