ලංකාවටම හිසරදයක් වුණ.. වන සත්ත්ව හානි.. ප්‍රබලයෙක් මැදිහත් වෙලා.. ලාල්කාන්තත් එක්ක සෑහෙන්න වෙලාවක් කතා කරලා..

Report

වන සතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ උපදේශක සහාය අමෙරිකාවෙන් ලබා ගැනීමට රජයේ අවධානය යොමු වී ඇත.

අද (18) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අමෙරිකාවේ මෙරට තානාපති ජූලි චන්ග් මහත්මිය සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා අතර පැවති විශේෂ හමුවකදී මේ පිළිබඳ දීර්ඝ ලෙසින් සාකච්ඡා පවත්වා ඇත.

ගමම හෙල්ලෙන්න වන්ඩියක් බස්සන්න ද ඉන්නෙ?. වාහන සිහිනය මල් එල ගැන්වෙයි.. අද සිට වෙන දෙය මෙන්න..(VIDEO)

ගමම හෙල්ලෙන්න වන්ඩියක් බස්සන්න ද ඉන්නෙ?. වාහන සිහිනය මල් එල ගැන්වෙයි.. අද සිට වෙන දෙය මෙන්න..(VIDEO)

මීට අමතරව දේශීය නිෂ්පාදන සඳහා අවශ්‍ය විදේශ වෙළෙඳපොළ සොයා ගැනීම, දේශීය ගොවි සමාගම් සංකල්පය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සහාය ලබා ගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමුකර ඇත.

වහා මේ ගැන දැනගෙනම ඉන්න.. නැත්නම් පාඩුව ඔයාට.. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO)

වහා මේ ගැන දැනගෙනම ඉන්න.. නැත්නම් පාඩුව ඔයාට.. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO)

දෙපාර්ශ්වය අතර පැවැත් වූ මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ පොල්කිරි හා පොල් ආශ්‍රිත නිෂ්පාදන නවීකරණය කිරීමට අවශ්‍ය සහාය ලබාදීමට අමෙරිකාවේ එකඟතාව හිමිව තිබේ.

එමෙන්ම, කාලගුණ විපර්යාස හමුවේ කෘෂිකර්මාන්තයට සිදුවන අභියෝග ඵලදායී ආකාරයෙන් කලමනාකරණය කිරීමට අවශ්‍ය තාක්ෂණික සහ උපදේශන සහාය ලබාදීමට ද චූලි චන්ග් මහත්මිය සිය කැමැත්ත පළකර ඇත.

තව ද දේශීය ගොවියාගේ ආර්ථිකය නඟාසිටුවීම සඳහා අවශ්‍ය අමෙරිකානු සහාය ලබාගත හැකි ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

මීට අමතරව, මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට හා දේශීය ගොවි සමාගම් සඳහා අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සහාය ලබා ගැනීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වී ඇත.

කෙසේ වෙතත්, මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. විකුමසිංහ මහතා, අතිරේක ලේකම් (කෘෂි තාක්ෂණ) ශිරෝමනී එදිරිමාන්න මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

You May Like This Video👇 

.