ගමම හෙල්ලෙන්න වන්ඩියක් බස්සන්න ද ඉන්නෙ?. වාහන සිහිනය මල් එල ගැන්වෙයි.. අද සිට වෙන දෙය මෙන්න..(VIDEO)

Report

වාහන ආනයනය කිරීමට පනවා තිබූ සීමා යම් තාක් දුරකට ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව අද (18) සිට නැවතත් වාහන ආනයනය කිරීමට හැකි බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චගේ මහතා සදහන් කළේ ය.

ඒ මහතා මේ බව සදහන් කළේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ය. 

ඒ ගමන මේ මොකක් ද?. ඉදිරි පැය 48 දී වෙන දෙය.. කලින්ම කළ දැනුම්දීම මෙන්න..

ඒ ගමන මේ මොකක් ද?. ඉදිරි පැය 48 දී වෙන දෙය.. කලින්ම කළ දැනුම්දීම මෙන්න..

මිල?. සහල් ප්‍රශ්නෙ උඩු දුවපු වෙලාවක, ගත් තීරණයක් මෙන්න..

මිල?. සහල් ප්‍රශ්නෙ උඩු දුවපු වෙලාවක, ගත් තීරණයක් මෙන්න..

ඒ අනුව අද දින සිට මෙරටට වාහන ගෙන්විය හැකි කාණ්ඩ සම්බන්ධයෙන් ද අදහස් පළ කළේ ය.

ඒ අනුව ආසන 25ට වැඩි අවුරුදු 05කට අඩු බස් රථ මෙරටට ගෙන්විය හැකි බව සභාපතිවරයා පැවසුවේ ය.

මීට අමතරව විශේෂ කාර්‍යය වාහන සහ සංචාරක කර්මාන්තයට අවශ්‍ය රථවාහන ද ගෙන්වීමේ හැකියාව පවති.

මේ අතර ලබන වසරේ අප්‍රේල් මස 01 වැනි දින සිට පෞද්ගලික කාණ්ඩයේ වාහන සහ සෙසු වර්ගීකරණ යටතේ ඇති වාහන ද ගෙන්විය හැකි බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මීට අදාළ ගැසට් පත්‍රය දෙසැම්බර් මස 14 වැනිදින අත්සන් තබා ඇති බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සදහන් කළේ ය.

You May Like This Video👇 

.