''ගෝඨා-මෛත්‍රී ඝාතන සැලසුමක්"..ඇත්ත නැත්ත මොකක්ද..?

GOTABHAYA RAJAPAKSHA PALITHA RANGE BANDARA MAITHRI PALA SIRISENA ASSASSINATION
By Sewvandhi Nov 05, 2021 01:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා තිබූ බව කියන සැලසුම ගැන වහා පරීක්ෂණයක් අරඹන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලසුමක් තිබූ බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා මෑතකදී සහභාගි වූ රූපවාහිනී වැඩසටහනකදී කළ ප්‍රකාශය පදනම් කර ගනිමිනි.

එවැනි සැලසුමක් ක්‍රියාත්මක වූවා නම් කුමන්ත්‍රණයක් තිබුණා යැයි කතා කරමින් නොසිට ඒ ගැන පරීක්ෂණයක් නොපවත්වන්නේ ඇයි දැයි පාලිත රංගේබණ්ඩාර මහතා ප්‍රශ්න කළේය.

අදාළ කුමන්ත්‍රණයට ගොදුරු වීමට සිටි බව කියන දෙදෙනා‌ගෙන් එක් අයෙකු එවකට විධායක ජනාධිපතිවරයා වූ අතර අනෙක් පුද්ගලයා වත්මන් විධායක ජනාධිපතිවරයා වන හෙයින් පරීක්ෂණ සඳහා කිසි ම බාධාවක් නැතැයි ද එජාප මහලේකම්වරයා සඳහන් කළේ ය.

ඝාතන සැලසුමක් තිබුණු බවට කළ ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් නොවන්නේ නම් ඒ පිළිබඳව සොයා නොබලන්නේ මන් දැයි මහ ලේකම්වරයා ප්‍රශ්න කළේ ය. මෙවැනි ඝාතන සැලසුමක් ඇතැයි මීට වසර ගණනකට පෙර නාමල් කුමාර නමැත්තෙකු පවසා තිබිණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha