ඇහැළේපොළ වලව්වට ගිය ජනපති..(PHOTOS)
president
kandy
British
Ahalepola Valawva
By Sewvandhi
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, මහනුවර රජවීදියේ පිහිටි වසර 400කට වඩා ඉපැරණි ඇහැළේපොළ වලව්ව වෙත (6) පස්වරුවේ ගොස් එහි ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණයට කළේය.
බි්‍රතාන්‍ය යටත්විජිත සමයේ දී සිර මැදිරියක් හා පසුකාලීනව රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙස පවත්වාගෙන ගිය මෙම ගොඩනැඟිල්ල නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගෙන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සංවර්ධනය කෙරිණ.
ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් සියල්ල මුල් වකවානුවේ පැවති වලව්වේ පෞරාණික සැලැස්මට හානියක් නොවන පරිදි සිදු කර ඇති අතර,
ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් නිම කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. දියවඩන නිලමේ නිලංග දෑල මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

