ජනපති අද වියට්නාමයට

By Hashini May 03, 2025 02:59 AM GMT
Report

ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා අද රාත්‍රියේ දිවයිනෙන් පිටත් වීමට නියමිතයි.

ජනාධිපතිවරයා හෙට සිට ලබන 06 වනදා දක්වා වියට්නාමයේ රැඳී සිටින්නේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වලට වසර 55ක් සනිටුහන් කරමින්.

ජනාධිපති කාර්යාලය නිවේදනය කලේ මෙම රාජ්‍ය සංචාරයේදී ජනාධිපතිවරයා වියට්නාම් ජනපති සහ අගමැතිවරයා අතර නිල සාකච්ඡාවල නිරත වන බවයි.

හෝ චි මිං නගරයේදී ලබන මස 6 වනදා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා මෙන්ම එහි ප්‍රධාන දේශනයද ජනාධිපතිවරයා පැවැත්වීමට නියමිතයි.

මෙම සංචාරයේදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබෙන අතර ව්‍යාපාරික හමු කිහිපයක්ද පැවැත්වෙනු ඇති. 

ඔබත් Online ණය ගන්න කෙනෙක්ද

ඔබත් Online ණය ගන්න කෙනෙක්ද