ජනපති රාජකාරියේ යොදවා තිබූ ජීප් රියක පුපුරණ ද්‍රව්‍ය තොගයක් දෙදෙනෙක් පොලිස් දැලේ
ජනාධිපති ලේකම් කාර්යාලයට අනියුත්ක ගුවන් හමුදා ඒකකයේ රාජකාරීයේ යොදවා තිබූ ජීප් රියක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් හමුදා සෙබළෙක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වෙල්ලාලි පොලිසිය ප්‍රකාශ කර තිබේ.
34 හැවිරිදි ගුවන් හමුදා සෙබළෙකු සහ කැළණිය ගෝනවල ප්‍රදේශයේ 60 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ගුවන් හමුදා සෙබළා ජනාධිපති ආරක්ෂක ඒකකයට අනියුක්තව රාජකාරි කළ පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් ජීප් රථයේ තිබි වෝටර් ජෙල්කූරක්, ඇමෝනියා කිලෝවක්, සේවා නූලක් සහ ප්ලෙන්ටි රිමූවර් බෝතල් තුනක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.