ජනාධිපති අරමුදල උතුරට

Government Of Sri Lanka Latest Headlines Sinhala news gagana news SriLanka News - Gagana
By Shehan Jun 04, 2025 06:49 AM GMT
Shehan

Shehan

Report

ලේකම් කාර්යාලවලට විමධ්‍යගත කිරීමත් සමඟ ජනාධිපති අරමුදල වෙත ලැබෙන වෛද්‍යාධාර අයදුම්පත් ගණන ඉහළ ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මේ හේතුවෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ට නව මාර්ගගත ක්‍රමවේදය (Online System) පිළිබඳ දැනුවත් කිරීමේ සහ පුහුණු කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇත.

මේ අනුව, උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ජනාධිපති අරමුදලේ කටයුතු සම්බන්ධ නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහනක් 2025 ජුනි 21 වැනිදා කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

මෙම වැඩසටහන තුළින් උතුරු පළාතේ ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම, ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීම, නවීකරණය කළ මාර්ගගත ක්‍රමවේද හඳුන්වාදීම සහ වඩාත් කඩිනම් සේවාවන් සැපයීම සඳහා අවශ්‍ය දැනුම සහ පුහුණුව ලබා දීම අපේක්ෂා කෙරේ.

පොසොන් දන්සැල්වල ජලය පිළිබඳ විශේෂ අවධානයක්

පොසොන් දන්සැල්වල ජලය පිළිබඳ විශේෂ අවධානයක්

කොළඹින් කේන්ද්‍රීයව සීමිත පිරිසකට ප්‍රතිලාභ ලබා දුන් ජනාධිපති අරමුදල, රටපුරා ජනතාවට ප්‍රතිලාභ සැලසීමේ ජනතාමුඛ අරමුදලක් බවට පත් කිරීම වත්මන් ජනාධිපතිවරයාගේ මූලික ඉලක්කයකි. මෙම ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා, මෙවැනි පුහුණු වැඩසටහන් ඉදිරියේදී අනෙකුත් පළාත්වලද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මට දෙමළෙන් කතා කරන්න එපා කිව්වෙ ඇය! – අනුදිගේ තවත් රහසක් හෙළිවෙයි!

මට දෙමළෙන් කතා කරන්න එපා කිව්වෙ ඇය! – අනුදිගේ තවත් රහසක් හෙළිවෙයි!

ReeCha