සියලුම පාසල් ගුරුවරුන්ට මේදේ අනිවාර්ය කරමින් ජනපති විශේෂ තීරණයක් ගනී..වැටුප් ප්‍රශ්නයත් විසදෙයි?..

Ministry of Education Ranil Wickremesinghe Sri Lankan Schools Education
By Aruna Jun 27, 2024 04:20 PM GMT
Aruna

Aruna

Report

රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදෑසන කාලයේ අනිවාර්යයෙන්ම පාසල් තුළ රැඳී සිටිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.

ජනාධිපතිවරයා අවධාරණය කළේ, ඉදිරියේදී යම් හෙයකින් එය සිදු නොවන්නේ නම් සහ පාසල් දරුවන්ට හිමි අධ්‍යාපනය අහිමි වන්නේ නම් ගුරු හා විදුහල්පති සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

හෙට රට පුරා පාසල් නිවාඩු දෙයි?..මෙන්න දැන් ලැබුණ තීරණය..අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්..

හෙට රට පුරා පාසල් නිවාඩු දෙයි?..මෙන්න දැන් ලැබුණ තීරණය..අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්..


අද පෙරවරුවේ මහනුවරට ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු අවස්ථාවේ දී උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දරුවන්ට ආදර්ශයක් වෙමින් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කටයුතු කළයුතු බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා උද්ඝෝෂණ සහ වැඩවර්ජන සඳහා ඇතැම් ගුරුවරු සම්බන්ධ වීමේදී ඉදිරියේදී ඔවුන්ට, දරුවන්ට අවවාදයක් හා උපදෙසක් ලබාදීමට කෙතරම් හැකියාවක් හිමිවේද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම අර්බුදය සමස්ත ගුරු සේවය තුළම මතුව ඇති අර්බුදයක් නොවන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඇතැම් දේශපාලන නැඹුරුවක් තිබෙන ගුරුවරුන් පමණක් ඊට සම්බන්ධ වී ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත්, එක් කණ්ඩායමක් නිසා සමස්ත ගුරු වෘත්තියටම කැළලක් සිදුව ඇති බවයි ජනපතිවරයා අවධාරණය කළේ.

දුම්රිය ප්‍රමාදයක් ගැන මගීන්ට විශේෂ දැනුම්දීමක්..

දුම්රිය ප්‍රමාදයක් ගැන මගීන්ට විශේෂ දැනුම්දීමක්..


මෙම තත්ත්වය දක්නට ලැබෙන්නේ සිංහල පාසල් තුළ පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දෙමළ, මුස්ලිම් සහ පෞද්ගලික පාසල් අඛණ්ඩව දරුවන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට කැපවී සිටීම ඇගයීමට ලක්කිරීමට ද ජනපතිවරයා අමතක කළේ නැහැ.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ, පාසලේ මුරකරුවන් විසින් දරුවන් හරවා යවන බවට තොරතුරු වාර්තා වී ඇති අතර එවන් සිදුවීම්වලට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.

ඉන් අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

ඊයේ සිදු කළ විශේෂ ප්‍රකාශයෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ නා හිමිවරුන් බැහැ දුටු පළමු අවස්ථාව මෙය වන අතර මහනුවර සුවිසල් නගර සංවර්ධන සැලැස්ම ද ජනාධිපතිවරයා විසින් මෙහිදී මහ නා හිමිවරුන් වෙත පිළිගන්වනු ලැබීය.

ජනප්‍රිය වැඩසටහනකට බිරින්දෑවරු දෙන්නම කැටුව ආ ප්‍රසිද්ධ චරිතයකට සිදු වූ දේ..(PHOTOS)

ජනප්‍රිය වැඩසටහනකට බිරින්දෑවරු දෙන්නම කැටුව ආ ප්‍රසිද්ධ චරිතයකට සිදු වූ දේ..(PHOTOS)


උද්ඝෝෂණය කරන පිරිසගේ ඉල්ලීම් පිළිබඳ අවධානය යොමු කර විසඳුම් ලබා දීමට කටයුතු කරන ලෙස මල්වතු මහ නා හිමියන් එහිදී කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වු ජනාධිපතිවරයා කියා සිටියේ, වැටුප් විෂමතාවක් සිදු නොවන අයුරින් රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා ලබන වසරේ සිට විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර ගුරු විදුහල්පති සංගම් කිහිපයක් ලෙඩ නිවාඩු වාර්තා කර අද දිනයේ ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයිනේ බොහෝ පාසල්වල අධ්‍යයනය කටයුතුවලට බාධා එල්ල වූ බව ද වාර්තා වුණා.