රටේ පවතින කළු යාන්ත්‍රණයක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක් [VIDEO]

Report

මහජනයාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරගැනීම උදෙසා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පවා කප්පාදු කළ හැකි සෑම අවස්ථාවකම තමා කප්පාදු කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

බදු ගෙවන්නන්ගේ මුදල්වලින් සෑම ශතයක්ම ආරක්ෂා කර, රට තුළ ඇති කළු ආර්ථිකය අහෝසි කිරීමට කටයුතු කරන බව ද ජනපති අනුර කුමාර දිසානායක පවසනවා.

'ජාතික බදු සතිය' දියත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ජනපතිවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියා.

ජාතික බදු සතිය අද සිට

ජාතික බදු සතිය අද සිට

නැන්දගේ මළ කඳත් විකුණන් කෑවා කිව්වා.. නැන්දා වෙනුවෙන් කරපු දේ ගැන සමනලී කට අරී

නැන්දගේ මළ කඳත් විකුණන් කෑවා කිව්වා.. නැන්දා වෙනුවෙන් කරපු දේ ගැන සමනලී කට අරී

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ,

බදු මුදල් ගැන ප්‍රශ්නය හුදු බදු ගෙවීම සහ බදු ලබාගැනීම ප්‍රශ්නයක් පමණක් නොව. එතැනින් එහාට ගිය ජාලගත ප්‍රශ්නයක් මෙතෙන තියෙනවා. අපිට රේගුවට, සුරාබදු එකට චෝදනා කළ හැකි වුවත් ඵලක් නෑ. මෙය එකට ගොඩගැහුණු එකිනෙකට අන්තර් සබඳතා ඇති ජාලයක්. එය බිඳිය යුතු නැද්ද ? රාජ්‍ය යාන්ත්‍රණය මීට සුදානම් විය යුතුයි. එසේ නොමැති නම් කල්තියා යන්න පුළුවන්. මම අවංකව කියන්නේ. මෙම යාන්ත්‍රණය බිඳින්නේ නැත්නම් රට අඟලක්වත් මෙතැනින් එහාට යන්නේ නෑ. අර්බුදයේ ගැඹුරටම යන්න පුළුවන්. ඒ නිසා අපි මේ කළු යාන්ත්‍රණය බිඳිනවා. ව්‍යාපාරිකයෝ සාධාරණ ලෙස ව්‍යාපාර කරලා, ඔවුන් සාධාරණ බද්දක් ගෙවනවා නම් එය ආරක්ෂා කරගැනීම රාජ්‍ය යාන්ත්‍රණයේ වගකීමක්. එනිසා බදු මුදල් ගෙවන හැමෝටම මම ආරාධනා කරනවා. "ඔබ ගෙවන්න...අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා." රුපියලක් නාස්ති කරනවා හෝ වංචා කරනවා නම් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න උපරිම අපි මැදිහත් වෙන බව මම සහතික වෙන්නම්."

මහින්ද විශ්‍රාම ගනී.. ADB හි නව තනතුරකට

මහින්ද විශ්‍රාම ගනී.. ADB හි නව තනතුරකට