"මම යන්න ලෑස්ති මිනිහෙක්" – නීතිඥ සංගමයේ නියෝජිතයින් හමුවේ ජනපති අනුර කියපු කතාව මෙන්න [VIDEO]

Report

තමන් සතු බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට භාවිත නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කර තිබේ .

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් සමඟ ඊයේ (12) පස්වරුවේ පැවැති හමුවේදීය.

ජනපති තව දුරටත් සදහන් කළේ මෙවන් අහසක් 

"මගේ විධායක බලය හො අප සතුව තිබෙන බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බ භාවිත කරන්නේ නැහැ. ඊළඟට උපුල් මහත්මයා කියපු අවදානම. ඒ කියන්නේ, මේ ව්‍යවස්ථා

සංශෝධන නිසා අනිත් ජනාධිපතිවරයාට යන්න වුණා. ඔබටත් යන්න වෙයි. මම යන්න ලෑස්ති මිනිහෙක්. මම වාඩිවෙන්න බලාගෙන ආපු මිනිහෙක් නෙවෙයි. ඒ වගේම මම, මේ වෙනස කිරීම සඳහා අවදානම ගන්න ලෑස්ති මිනිහෙක්. වෙනසක් සිද්ධ වෙයි කියලා මම හිතන්නේ නැහැ අවදානමකින් තොරව. වෙනසක් හැමවිටම සිද්ධ වෙන්නේ අවදානමක් දරාගෙන."