බැකෝ සමන්ගේ මවට වෙඩි තැබීමට ආ බවට සැකකෙරෙන යතුරුපැදියක් හමුවේ - පොලීස් විමර්ශන වැඩිදුරටත්

Report

සංවිධානාත්මක අපරාධකරුවකු වශයෙන් සැලකෙන 'බැකෝ සමන්' නමැත්තාගේ මවට වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදියක් සොයා ගත් බව ඌරුබොක්ක පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව මෙම යතුරුපැදිය, ඌරුබොක්ක - මාතර මාර්ගයේ දම්පහල, පොල්වත්ත ප්‍රදේශයේ බෝක්කුවක් අසලින් තේ ඉඩමකට දමා ගොස් තිබියදී අද (13) දින උදෑසන පොලීසිය විසින් සොයාගනු ලැබුවා.

මෙම යතුරුපැදිය Yamaha FZ වර්ගයට අයත් අතර ඒ සමඟ රතු සහ කළු වර්ණයෙන් යුත් හෙල්මට් දෙකක් සහ කළු පැහැති බෑගයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා නවතින ලකුණු - සේවකයන් 150 ක් එකවර සේවයෙන් ඉවත් කරයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා නවතින ලකුණු - සේවකයන් 150 ක් එකවර සේවයෙන් ඉවත් කරයි

එමෙන්ම සොයාගත් යතුරුපැදිය වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් පැමිණි යතුරුපැදියම දැයි තහවුරු කරගැනීමට ඌරුබොක්ක පොලීසිය විසින් මේ වන විට වැඩිදුර විමර්ශන පවත්වමින් සිටින බව සඳහන්.

මිද්දෙණිය පොලිස් වසමේ උලහිටියාව ප්‍රදේශයේ නිවසකට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (12) දින පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබුණු අතර ඉන් තුවාල ලැබූ 'බැකෝ සමන්' නැමැත්තාගේ මව, මිද්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත් වුණා.

අද සහ හෙට බලපැවැත්වෙන පරිදී පොලීසියෙන් විශේෂ නිවේදනයක් - රාත්‍රී 7 සිට ක්‍රියාත්මකයි

අද සහ හෙට බලපැවැත්වෙන පරිදී පොලීසියෙන් විශේෂ නිවේදනයක් - රාත්‍රී 7 සිට ක්‍රියාත්මකයි

රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට

රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට