රියදුරන්ට විශේෂ නිවේදනයක් - පළාත් 5ක් ආවරණය කරමින් හදිසි පරීක්ෂාවක්

Report

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසන්නේ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන ත්‍රීරෝද රථ, පාසල් වෑන් රථ සහ බර වාහන රියදුරන් අහඹු ලෙස පරීක්ෂා කිරීමට පියවර ගන්නා බවයි.

මාධ්‍ය විමසුමක් හා එක්වෙමින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා පවසා ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරන රියදුරන් සහ කොන්දොස්තරවරුන් සොයා සිදුකරන පරීක්ෂණ පළාත් 5 ක් ආවරණය කරමින් ක්‍රියාත්මක බවයි.

ශ්‍රී ලංකා පොලිසියෙන් මහජනතාවට විශේෂ නිවේදනයක් - නීතිමය පියවර ගැනීමට අනතුරු ඇඟවීම්

ශ්‍රී ලංකා පොලිසියෙන් මහජනතාවට විශේෂ නිවේදනයක් - නීතිමය පියවර ගැනීමට අනතුරු ඇඟවීම්

මීට අමතරව පාසල් නිවාඩු සමයත් සමඟ දිවයින පුරා ජනතාව විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමේ ප්‍රවණතාව ඉහළ යාම හේතුවෙන්, රථවාහන අනතුරු අවම කිරීම සඳහා පොලීසිය විශේෂ රථවාහන මෙහෙයුම් ආරම්භ කර ඇත.

විශේෂයෙන්ම අධික වේගයෙන් රිය ධාවනය කරන රියැදුරන් සහ බීමත්ව රිය පදවන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි.

රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට

රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට

අධික වේගයෙන් රිය ධාවනය කිරීම මෙන්ම බීමත්ව රිය පැදවීම රිය අනතුරුවලට ප්‍රධාන හේතු අතරට අයත් වන බැවින්, එවැනි රියැදුරන් පිළිබඳ දැඩි අවධානයක් යොමු කරමින් පරීක්ෂණ සිදුකිරීමට නියමිතය. විශේෂයෙන්ම සංචාරකයන් බහුලව ගැවසෙන ප්‍රදේශ, ප්‍රධාන මාර්ග සහ අධික රථවාහන තදබදයක් පවතින මාර්ග ආශ්‍රිතව රථවාහන නීති ක්‍රියාත්මක කිරීම දැඩි කිරීමටද පොලීසිය කටයුතු කර තිබේ.